‍‍දෙවන තරඟයත් හම්බන්තොටදී

ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර එළඹෙන 27 වන දින පැවැත්වීමට නියමිතව තිබු දෙවන එක්දින ක්‍රිකට් තරඟය හම්බන්තොට, සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව 27 වැනි දිනය පැවැත්වීමට නියමිත තිබු අදාළ තරඟය 26 වැනි දින පැවැත්වීමටද තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සඳහන් කළේය.


අදාළ ක්‍රිකට් තරඟය පැවැත්වීමට නියමිතව තිබුණේ කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීය.


අද තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 7ක් දැවී ලකුණු 275ක් ලබා ගැනීමට සමත් විය.


එසේම මේ වන විට ක්‍රිඩා කරමින් සිටින පකිස්ථාන කණ්ඩායම කඩුළු 3ක් දැවී ලකුණු 90ක් ලබා ගෙන ක්‍රීඩා කරමින් සිටියි.



Post a Comment