යාය හතරේ නිධන් සෙවු 2ක් දැලේ

අරලගංවිල, යාය 4 ප්‍රදේශයේ ඉඩමක පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් සිදුකරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් හදිසි ඇමතුම් මධ්‍යස්ථානයට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.


කෙසේ වෙතත් අදාළ ස්ථානයේ කැණීම් සිදුකරමින් සිටි තවත් පුද්ගලයින් තිදෙනෙකු පළාගොස් තිබේ.


එම ස්ථානයේ තිබී කැණීම් කටයුතු සඳහා යොදාගත් උපකරණ සහ පූජා භාණ්ඩ කිහිපයක් පොලිස් බාරයට ගෙන ඇති බව සඳහන් වෙයි.


අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පළාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අරලගංවිල පොලීසිය විමර්ශන සිදුකරයි.



Post a Comment