අනියම් සම්බන්ධතාවයක් නතරකර ගැනීමට නොහැකිවීම හා නිතර නිතර සැමියාගෙන් තදබල ලෙස තම අනියම් බිරිඳ දැඩි පීඩාවන්ට, පහරදීම් හා වද හිංසාවන්ට ලක්‌වනු ඉවසාගත නොහැකිව අනියම් සැමියා විසින් එකී පුද්ගලයාට යකඩ පොලු පහරක් දී මරා දැමීමේ පුවතක් සේරු නුවර වෙරුගල් මාවඩිෙච්න ප්‍රාදේශයෙන් වාර්තා වේ.
මෙලෙස මරා දමා ඇත්තේ වෙරුගල් ප්‍රදේශයේ කුලී වැඩකරමින් ජීවත්වූ නාගරත්නම් ඡේගන් (30) නමැත්තෙකි.
ඉකුත් 15 දා රාත්‍රි 7 ත් උදෑසන 6 ත් අතර කාලයේදී මෙම මරණය සිදුවී ඇති බව මියගිය අයගේ මව වන කින්නියාවේ පදිංචි නාගරත්නම් අලගම්මා (66) යන අයගේ කටඋත්තරයේ සඳහන් වන අතර මරණකරු
පහරකෑමෙන් පසු සේරුනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මේ බව ඇය සමඟ පවසා ඇත.
මරණකරු සිය බිරිඳට පහරදීම සම්බන්ධයෙන් ඉකුත් 12 දා අධිකරණය හමුවට පමුණුවා මුත්තූර් අධිකරණය විසින් 14 දා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගතව ඇප මත සිටින අයෙකු බව ද පොලිසිය කියා සිටී.
කාලයක් තිස්‌සේම මෙම ආරවුල සම්බන්ධයෙන් පොලිසියට නිතර නිතර පැමිණිලි ලැබී ඇත. මේ වනවිට සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අල්ලා ගැනීම සඳහා කටයුතු යොදා ඇති බව පොලිසිය කියයි.
කන්තලේ කොට්‌ඨාස භාර පො. අ. චමින්ද අතුකෝරළ මහතාගේ නියෝග මත ස.පො. අ. සංජීව බණ්‌ඩාර මහතාගේ අධීක්‍ෂණයෙන් සේරුනුවර පොලිස් ස්‌ථානාධිපති පො. ප. වීරරත්න මහතාගේ උපදෙස් පිට වැඩිදුර පරීක්‍ෂණ පැවැත් වේ.

Put the internet to work for you.
Post a Comment