කලා ලෝකයේ මේ දවස් වල නිතර ඇහෙන්නෙ පෙම්හබ ගැනම තමයිග හැංගිලා තිබ්බ ආදර කතාවක් දැන් එළියට ඇවිත්. මොකද හැංගි හැංගි වෙස් බැන්දත් නටන්න වෙන්නෙ එළියට ඇවිත්නෙ.
මේ එළියට ආපු පෙම්හබෙ අයිතිකාරයා තමයි ජනපි‍්‍රය සිනමා නළු රොෂාන් රණවන. රොෂාන්ගෙන් මේ ගැන ඇහුවම රොෂාන් දුන්නේ මේ වගේ උත්තරයක්,
"ඔව් මම පේ‍්‍රමවන්තයෙක්, හැබැයි මේක හදිස්සියේ ඇති උන පේ‍්‍රමයක්නම් නෙවෙයි. අපේ පේ‍්‍රම කතාවට අවුරුදු ගානක ඉතිහාසයක් තියෙන දිගු කාලීන පේ‍්‍රමයක්. හැබැයි දැනටනම් එයා ගැන විස්තර කියන්නැහැ. මොකද මගේ පෙම්වතිය කැමති නැහැ මාධ්‍යයට ඒ ගැන කියලා වැඩිපුර අවධානයක් ලැබෙනවට. අපේ පෙම් කතාවට අවුරුදු 11 ක් වෙනවා. මම ඇයව මුණ ගැහුන විදිහ වෙලාව ආවම කියන්නම්. දැන්නම් බැහැ."
එයා මේ ක්ෂේත‍්‍රයේම කෙනෙක්ද?
අපොයි ඇය කලා ක්ෂේත‍්‍රයේ කෙනෙක්නම් නෙවෙයි. ඒත් ඔයිට වඩා විස්තරනම් මට දැන් කියන්න බැහැ. විවාහය ළං උනාම මම තව විස්තර කියන්නම්...
රොෂාන් නිළියන් එක්ක රඟපානවට එයාගේ විරුද්ධත්වයක් නැද්ද?
නැහැ. මම නළුවෙක් උනාට කිසිම විරුද්ධත්වයක් නැහැ. එයා දන්නවා මම නිළියන්ට පෙම් කරන්නෙ තිරයේ විතරයි කියලා. එයා මාව 100% ක් විශ්වාස කරලයි තියෙන්නෙ. මම ඒ විශ්වාසය පළුදු වෙන විදිහට වැඩ කරලත් නැහැ. ඇය පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන කෙනෙක්. ඔයිට වඩා විස්තරනම් කියන්න බැහැ. එතකොට අපි බදින දවසට කියන්න දෙයක් නැති වෙනවනෙ.
රොෂාන් අවුරුදු 11 ක් හංගාගෙන සිටිය ඔහුගේ පෙම්වතිය ගැන කොයිතරම් හංගන්න හැදුවත් ගොසිප් වෙත රොෂාන්ගේත් පෙම්වතියගේත් විස්තර දැනගන්න ලැබුනා. ඒත් ගොඩක් විස්තර කියන එය එයාලාගේ පුද්ගලිකත්වයට හානියක් වෙන නිසා රොෂාන්ගෙයි, එයාගෙ පෙම්වතිය වෙන කුෂී ප‍්‍රනාන්දුගෙයි ඡායාරූප කිහිපයක් විතරක් දැනට ගොසිප් බලන ඔයාලට දෙන්නම්...

Put the internet to work for you.
Post a Comment