දිනූදා දිනූ වගයි - Victory Day jumbo won’t fly to Korea

උතුරේ යුද ජයග්‍රහණය සංකේතවත් කිරීම සඳහා නම් කරන ලද 'දිනුදා' නමැති අලි පැටවා විදෙස්‌ රටකට පිට කර හැරීම ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නියෝගයකින් ඊයේ (12 දා) වහාම අත්හිටුවා තිබේ.'දිනුදා' සහ 'උදාර' නමැති අලි පැටවුන් දෙදෙනා ඊයේ (12 දා) රාත්‍රි දකුණු කොරියාවේ එවලන්ඩ් පාර්ක්‌ නම් පෞද්ගලික සත්ත්ව ගාලකට යෑවීමට නියමිතව තිබියදී මාධ්‍ය සහ පරිසරවේදීන් විසින් කරන ලද දැනුවත් කිරීම පිළිබඳව අවධානය යොමු කළ ජනාධිපතිවරයා 'දිනුදා' ගේ ගමන වහාම නවතාදමන ලෙස බලධාරීන්ට නියෝග කර තිබේ.
විශේෂ ප්‍රකාශයක්‌ කළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මාධ්‍ය වාර්තා සැලකිල්ලට ගෙන තමන් මෙම තීරණය ගත් බව ප්‍රකාශ කර සිටියේය.යුද්ධය නිමාවත් සමඟ පින්නවල අලි අනාථාගාරයේදී උපන් මෙම අලි පැටවා 'දිනුදා' ලෙස නම් කරනු ලැබුවේ 'දිනූ දවස්‌ යන අර්ථයෙනි.

මෙම අලි පැටවා ජාතියේ ප්‍රෙෘඪත්වය කියන ජාතික සංකේතයක්‌ බවත් ජාතියේ ප්‍රෙෘඪත්වය විකුණාගෙන කන අයට දඬුවම් ලබා දිය යුතු බවත් පරිසරවේදීහු කියා සිටිති.

අලි පැටවුන් දෙදෙනා කොරියාවේ පෞද්ගලික සත්ත්ව ගාලකට ලබාදීම රාජ්‍ය තාන්ත්‍රික හුවමාරුවක්‌ නොව සත්වෝද්‍යාන අමාත්‍යාංශ බලධාරීන්ගේ මූල්‍ය ගනුදෙනුවක්‌ මත සිදු කෙරෙන්නක්‌ බව ද වාර්තා වේ.

වයස අවුරුදු 5 ට අඩු පැටවුන් පිටරටට ලබාදීම ශ්‍රේෂ්ඨාධිකරණය මගින් 2007 වසරේදී තහනමට ලක්‌ කර තිබියදීත් මෙසේ රට යෑවීමට කටයුතු කරන පැටවුන්ගේ වයස අවුරුදු හතරකුත් මාස 10 ක්‌ වීමෙන් පැහැදිලි වන්නේ රාජ්‍ය බලධාරීන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව උල්ලංඝනය කරමින් නීතිය බරපතළ ලෙස හෑල්ලුවට ලක්‌ කරමින් කටයුතු කිරීම බව ද පරිසරවේදීහු චෝදනා කරති.
The donation of the five-year-old baby elephant named 'Dinuda' to a private zoo in South Korea has been halted on the intervention of President Mahinda Rajapakse.The baby elephant was to be handed over to the South Korean zoo today. Minister S.M.Chandrasena said the President had ordered the immediate suspension of the donation.'Dinuda' is considered special as it was born on Victory Day

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment