අභ්‍යාවකාශයේ සිට ගත් ලොව ප්‍රථම HD වීඩියෝව

මෙතෙක් කලක් ඔත්තු බැලීමේ යානා වලින් ගත් වීඩියෝ හා චන්ද්‍රිකා වල සිට ගත් ජායාරූප හා පමණක් ප්‍රසිද්ධියට පත්වූ නමුත් චන්ද්‍රිකාවක සිට ගත් වීඩියෝ ප්‍රසිද්ධියට පත්වුනේ නැහැ.

නමුත් ප්‍රථම වරට කිලෝමීටර් 600ක ඉහල අහසේ සිට ගත් HD වීඩියෝවක් Skybox ආයතනය විසින් ප්‍රසිද්ධ කර තිබෙනවා.

තත්පරයකට රූපරාමු 30ක් සහිත තත්පර 90ක මෙම 1080p HD වීඩියෝව ගෙන තිබෙන්නේ SkySat-1 චන්ද්‍රිකාව විසිනි. ටෝකියෝ, බැංකොක්, ලස් වේගාස්, සිරියාව වැනි රට වල වීඩියෝ මෙයට ඇතුලත් ය.

පසුගිය නොවැම්බර් 21 වනදා කක්ෂගත කල එය අඩු වියදම් චන්ද්‍රිකාවක් ලෙස සැලකෙන අතර ඉදිරියේදී තවත් චන්ද්‍රිකා 23ක් සමඟින් පෘතුවියම ආවරණය වන පරිදි HD වීඩියෝ ලබාගැනීමට එම ආයතනය බලාපොරොත්තු වන අතර ඒවා ලෝ වටා විකිණීමට බලාපොරොත්තුවේ.


ලබාගත් ජායාරූප සඳහා මෙතනින්.
චන්ද්‍රිකාවෙන් ලබාගත් වීඩියෝව පහතින්.











-සම්බන්ධිත පුවත්-
ඔත්තු බැලීමේ චන්ද්‍රිකා රාජයෙක් පෙන්ටගනය නිපදවයි

IFTTT

via Personal Recipe 6688875

Post a Comment