සයිබිරියාවෙන් හමුවූ වසර 3,500ක් පැරණි ඇටසැකිළි න්‍යෂ්ටික පිපිරීමක ප්‍රතිපලයක්ද?

සයිබීරියාවේ Staryi Tartas ප්‍රදේශයේදී පසුගියදා කල කැනීමකින් මීට වසර 3,500කට පමණ පෙර මියගිය පුද්ගලයන් රාශියකගේ ඇට සැකිලි සොයාගැණුනා.

ඒවායේ ඇති විශේෂත්වය නම් ගැහැණු පිරිමි ජෝඩු ලෙස හමුවීමත්, අත් අල්ලාගන මිය ගිය ආකාරය හා මුහුණෙන් මුහුණ බලා මිය ගොස් ඇති ආකාරයත් පෙනී යාමයි.

ඇතැම් ඒවායේ මව හා පියා මැද දරුවන් මැදින් සිටිනා විට සියල්ලන්ම එකවර මියගොස් තිබෙන ආකාරයත්, තවත් ඒවායේ ලිංගික ක්‍රියාකාරකමේ යෙදෙන ආකාරයට ගැහැණු පිරිම ඇටසැකිලිද වන බවත් සයිබීරියන් ටයිමිස් පුවත්පත වාර්තා කර තිබේ.


දෙදෙනාම එකටම මියගොස් මෙසේ වළදමන්නට ඇතැයි සිතිය හැකි නමුත් මිනිවළවල් සමූහයක් ඇති හෙයින් එසේ සිතන්නටත් අපහසු බවයි පුරාවිද්‍යාඥයන් පවසන්නේ

මේවා පිළිබඳ ඇති තවත් මතයක් වන්නේ සැමියා පළමුව මියගිය පසු ඔහු හා වෙනත් ලෝකයකදී එකතු වීමේ අරමුණින් බිරිදවද මරණයට කැප කර ඔහු සමඟ ඇයවත් සමග වළදමන්නට ඇති බවයි. නමුත් දරුවන් හා සියල්ලන්ම එකට සිටිනා අයුරුද ඇතැම් ස්ථාන වල දක්නට ලැබෙන නිසා එයද සිතීමට අපහසුය

1922දී දකුණු පකිස්තානයේ ඉන්ඩුස් නිම්නයෙන් මොහෙන්දෝජාරෝ ශිෂ්ටාචාරයට අයත් පුද්ගලයෝ ක්‍රි:පූ 2,600දී පමණ එකවර මියගිය ආකාරයේ ඇටසැකිලි සොයාගැනුණා.

මිනිසුන් 44කගේ පමණ ඇට සැකිලි හමුවූ අතර ඒවාගේද දක්නට ලැබුණේ මේ ආකාරයටම අත් අල්ල්ලාගන එකට මිය ගිය ආකාරයක් ය. වසර දහස් ගණනක් ගතවූවද එම ඇට සැකිලි දිරා ගොස් තිබුනේද නැහැ.

එම ප්‍රදේශයේ තවමත් විකිරණශීලී භාවය අධික බවට සොයාගන තිබෙන අතර ප්‍රදේශයේ දක්නට ලැබෙන පාෂාණ Vitrification නම් ක්‍රියාවලියකට භාජනය වී ඇති බවද සොයාගැනුණා. Vitrification යනු පාෂාණයක් එකවර විශාල උණුවීමකට ලක්වී නැවත ක්ෂණිකව සිසිල් වීමෙම්න් වීදුරු බඳු ද්‍රව්‍යයක් සෑදීමයි.

එබැවින් බොහෝ දෙනා විශ්වාස කළේ මෙය න්‍යෂ්ටික පිපිරීමක් නිසා මුලු ශිෂ්ඨාචාරයම විනාශවී ඇති බවකි.

වසර 4,000කට පෙර න්‍යෂ්ටික පිපිරවීමක් සිදුවන්නේ කෙසේද යන්න පැහැදිළි කල නොහැකි නිසා බෝහෝ දෙනා මෙය පැහැදිළි කළේ පිටසක්වල ජීවීන් විසින් එම ශිෂ්ඨාචාරය විනාශ කල බවකි.

ඒ බව හෙළි කරනා Ancient Aliens රූපවාහිනී වාර්තාමය වැඩසටහනේ වීඩියෝවක් පහතින්.




එම සම්පූර්ණ වීඩියෝව පහතින්.



සයිබීරියාවෙන් සොයාගන්නා ලද ඇටසැකිලි වල ජායාරූප පහතින්.









IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment