තංගල්ල සභාපති නඩුව නිමවනතුරු රිමාන්ඩ් -Tangalle PS Chairman arrested

සංචාරක හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතිකයකු ඝාතනය කිරීම, ඔහුගේ පෙම්වතිය වූ රුසියානු ජාතික කාන්තාවකට අතවර කිරීම පිළිබඳ නඩුවේ තුන්වැනි (3) විත්තිකරු වන තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති සම්පත් විදානපතිරණට නියම කර තිබූ ඇපය ඊයේ අවලංගු කළ කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිනී වල්ගම මහත්මිය ඔහු යළිත් රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස නියෝග කළාය.

වරෙන්තුවක්‌ නිකුත් කර ඇති බව දැන දැන වහාම උසාවියට භාර වෙන්නේ නැතිව මඟහැරීම නිසා නඩු විභාගය අවසන් වනතුරු ඇප දෙන්නේ නැතැයි ද විත්තිකරු රිමාන්ඩ් භාරයට පත් කරමින් විනිසුරුවරිය සඳහන් කළාය.

තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක්‌ නිකුත් කළේ මෙම නඩුව කැඳවූ ඉකුත් 09 දා ඔහු උසාවියට පැමිණ නොසිටි බැවිනි.ඊයේ මෙම නඩුව යළි කැඳවීමට නියම කර තිබූ අතර පෙරේදා කෝට්‌ටේ ප්‍රදේශයේදී රහස්‌ පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.තංගල්ල සභාපති ඇතුළු 06 දෙනකුට මෙම නඩුවෙන් එල්ල වී ඇති චෝදනා සංඛ්‍යාව 17 කි. විත්තිකරුවන් 06 දෙනාටම ඇප නියම කර තිබිණි.


අධිනීතිඥ හේමන්ත ගමගේ මහතා 3 වැනි විත්තිකරුට ඇපයක්‌ නියම කරන්නැයි ඉල්ලා සිටිමින් කියා සිටියේ ඉකුත් ජනවාරි 09 දා 3 වැනි විත්තිකරුට උසාවියට පැමිණීමට නොහැකි වූයේ හදිසියේ රෝගී වී ප්‍රතිකාර සඳහා පෞද්ගලික රෝහලකට ඇතුළත් වී සිටි නිසා බවයි. ඊට පසු රජයේ නිවාඩු දින කීපයක්‌ යෙදී තිබුණ බවත්, ඉකුත් 13 වැනි දා උසාවියට භාරවීම සඳහා නීතිඥයකු මගින් මෝසමක්‌ ගොනු කළ බවත් රහස්‌ පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තේ නඩු දිනය වූ ඊයේ උසාවියට බාරවීමට සූදානම්ව සිටියදී බවත් අධිනීතිඥ ගමගේ මහතා කීය.

ඔහු රෝගී වී ප්‍රතිකාර ලබමින් සිටි බව සනාථ කිරීම සඳහා වෛද්‍ය වාර්තා කීපයක්‌ ද උසාවියට ඉදිරිපත් කළේය.

විනිසුරුවරිය - ජනවාරි 10 වැනිදා ඔහුට උසාවියට ඇවිත් බාර වෙන්න හොඳටම ඉඩ තිබුණා. එදා උසාවිය වැඩ කරන දිනයක්‌. ඔහුගේ හැසිරීම් ක්‍රියා කලාපයෙන් අපට පෙනී යන්නේ උසාවි නියෝගයන් හිතාමතාම නොසලකා හැර ඇති බවයි. උසාවිය මඟ හැරීම බරපතළ වරදක්‌. එනිසා ඇපය අවලංගු කරනවා. නඩු විභාගය අවසන් වනතුරු ඇප දෙන්නේ නැහැ.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ තිසිත මුදලිගේ මහතා රජයේ අධිනීතිඥ චමින්ද අතුකෝරාල හා නයෝමි වික්‍රමරත්න මහත්ම මහත්මීහු නීතිපති වෙනුවෙන් පැමිණිල්ලට පෙනී සිටියහ.

ලිලන්ත විඡේසිංහ, බන්දුල වන්නිආරච්චි, සමන් ලීලාරත්න යන අධිනීතිඥවරු ද විත්තිය වෙනුවෙන් පෙනී සිටියහ.

නඩු විභාගය ලබන මාර්තු 26 දා ආරම්භ වේ.
Tangalle Pradeshiya Sabha Chairman Sampath Chandra Pushpa Vidanapathirana was arrested in Kotte, last night by a special CID team in connection with the murder case of the British national Khuram Shaikh, police said.

The Police said that the suspect was in hiding at the time of arrest.

On January 9, the Colombo High Court issued an arrest warrant against Vidanapathirana for not appearing in courts for the trial into the alleged murder of British tourist Khuram Shaikh and alleged rape of the victim's Russian girl friend at a Tangalle holiday resort in December 2011.

When the matter was taken up for hearing Counsel Shabdika Wellapuli informed court that those who stood surety for the Pradeshiya Sabha Chairman were present in court and they had informed that the accused was admitted to a private hospital in Galle on Wednesday evening after falling ill.

However, Judge Kumudini Wickramasinghe issued a warrant on the accused and ordered the sureties to produce the medical certificate in court on January 22.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment