මොළයට බැස්ස කතුර ඉවත් කොට ජීවිතයක් බේරති

 "මල්ලී ඇනපු කතුර පිටින් අයියා රෝහලේ"
පහළොස් හැවිරිදි පාසල් සිසුවකුගේ හිස්කබල පසාරු කරගෙන යන සේ හිසේ ඇනි තිබු කතුරක් ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය නිශාන්ත ගුණසේකර මහතා ඇතූළු වෛද්‍ය කණ්ඩායමක් විසින් කරණු ලැබූ විස්මිත සැත්කමකින් පසු එම කතුර ඉවත් කිරිමට පියවරගෙන ඇත. 

කතුර ඇනීම නිසා මෙම පාසල් සිසුවාගේ හිස් කබල පසාරු කරගෙන මිලිමීටර් පහක් පමණ ගැඹුරට කතූර කිදා බැස තිබුණි. මොළයටද සුළු වශයෙන් තුවාල වී තිබු අතර සාර්ථකව කරනු ලැබු මෙම සැත්කමින් පසු හිසේ ඇනි තිබු මෙම කතුර ඉවත් කිරිමට විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා කටයුතූ කළේය. 

මෙසේ සැත්කමකට භාජනය කරණු ලැබුවේ අමිබලන්තොට බැරගම ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන අම්බලන්තොට කුඩා බෝලාන විද්‍යාලයේ හත වසරේ ඉගෙනුම ලබන පි.ජී.තරිඳු තාරක නැමති පහළොස් හැවිරිදි පාසල් සිසුවෙකි.මෙම සිසුවාගේ හිසට කතුර ඇනිමෙන් පසු පළමු හම්බන්තොට රෝහලට ඇතූලත් කොට තිබු අතර සිසුවාගේ හිසේ ඇනි තිබු එම කතුරත් සමග අඟහරුවාදා (21) පස්වරුවේ එම සිසුවා ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලට මාරුකොට තිබුණි.

මෙම සිසුවා පාසල් ගොස් පැමිණ තම මවගෙන් බත් ඉල්ලා තිබේ. එහිදි තම බාල මල්ලි සමග ඇතිවු බහින් බස්විමක් දුරදිගයාමෙන් කතුර ඇනි තිබේ. තම බාලසහෝදරයා විසින් මෙම සිසුවාට කතුරෙන් අනිනු ලැබු බැව් පැවසේ. දැනට මෙම සිසුවා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර ඔහු කරාපිටිය ශික්‍ෂණ රෝහලේ ප‍්‍රථිකාර ලබයි.





IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment