ආනන්දයේ සිසුවා ගල් රෝලකට බිලිවෙයි - student killed by school lawn roller

කොළඹ ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යයෙක් එම විදුහලේ ක්‍රීඩාපිටිය පිළිසකර වැඩ සඳහා ‍ගෙනැවිත් තිබූ ගල් රෝලක හැපී තුවාල ලබා බොරැල්ල රිජ්වේ ළමා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු අද පෙරවරුවේ(21) මියගොස් තිබේ. සිසුවාට වයස අවුරුදු දහයක් පමණ වෙයි. පොලිස් ආරංචි මාර්ග පවසන්නේ මෙම අනතුර සිදුවන අවස්ථාවේ එම වයසේ තවත් සිසුන් කීප දෙනෙක් අනතුරට පත් වූ සිසුවා සමග ක්‍රිඩාපිටියේ සිට ඇති බවයි.

ක්‍රීඩා පිටියේ තණතිල්ල තලන්නට යොදා ගන්නා අතින් ඇදගෙන යා හැකි ගල් රෝලක් සිසුන් පිරිස විසින් ඇදගෙන ‍යන්නට පටන් ගෙන තිබේ. එම අවස්ථාවේ දී මෙම සිසුවා තණතිල්ල මත ඇද වැටී ඇතැයි පැවසෙන අතර එහිදී මෙම අනතුර සිදු වී තිබෙන බව පොලිස් ආරංචි මාර්ග පවසයි. මරදාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.

An eight-year-old student of Ananda College, Colombo was fatally injured after being pinned against a wall by a lawn roller in the school premises.Police revealed student Sinith Wijesinha from Kaduwelathe was killed in the accident .Hospital sources said the student was pronounced dead upon admission to the Lady Ridgeway Hospital.Iinvestigations into the accident are currently underway.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment