පළාත් ඡන්ද සටනට හිරු සමග තරු – UPFA PC Nominations Day

 "ගයේෂා දෙහිවලට, රුවන්ති කොළඹට, ජිංජර් කොලොන්නාවට"
මෙවර පළාත් සභා මැතිවරණයට ආණ්ඩු පක්ෂයෙන් ඉදිරිපත්වන අයගේ නාමයෝජනා භාරගැනීම හා මූලික සම්මුඛ පරීක්ෂණයේ පළමු දිනය අද සවස ඇමති අනුර ප්‍රියදර්ශන ප්‍රමුඛත්වයෙන් පැවැත්වුණා.එහිදී ආණ්ඩු පක්ෂයෙන් මැතිවරණයට තරග වදින බවට දැනටමත් ප්‍රසිද්ධ වී සිටින හිරුණිකා,අනර්කලී,ගයේෂා මෙන්ම තවත් අලූත් මුහුණු රැසක්ම තම නාම යෝජනාව භාර දෙන්නට පැමිණ සිටියා.

ඒ අතර ගායක නාමල් උඩුගමගේ බිරිය වන ටෙලි නාට්‍ය නිළි රුවන්ති මංගලාද ප්‍රකට ගායිකා ජින්ජර්ද සිටියා.මෙවර ආණ්ඩු පක්ෂයෙන් තරග වදින්නට යෝජිත අය අතර නැසීගිය දේශපාලනඥ ඔසී අබේගුණසේකරගේ පුත් අසංක අබේගුණසේකරද සිටිනවා.

ගියවර ගාල්ලෙන් ඡන්දය ඉල්ලු අනර්කලී මෙවර මැතිවරණයට මාතර දිස්ත්‍රික්කයෙන් තරග වදින්නට සූදානම්ව සිටින අතර ගයේෂා දෙහිවල ආසනය වෙනුවෙන් කොළඹටත් රුවන්ති හා ජින්ජර් කොළොන්නාව ආසනය වෙනුවෙන් කොළඹටත් තරග වදින්නට නියමිතය.තවත් නාම යෝජනා භාර ගැනීම් ඉදිරි දින වලදී පවත්වන්නට නියමිතය.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment