අගමැතිගෙන් රු, බිලියනයක් ඉල්ලා නඩු දැමීමට හෙල උරුමය සැරසෙයි

පෙරේදා අගමැතිවරයා විසින් හෙල උරුමගේ ඕමල්පේ සෝභිත හිමියන්ට කල අපහාසයක් නිසා රු. බිලියනයක් ඉල්ලා නඩු දැමීමට හෙළ උරුමය සැරසෙනවා.

එමෙන්ම අගමැතිවරයා අත් අඩංගුවට ගන්නැයි කීමෙන් ඔවුන් කෙතරම් මෝඩයන් දැයි පැහැදිලි බන බවත් පවසා තිබූ අතර ඕමල්පේ සෝභිත හිමියන්ව හඳුන්වා දී තිබුණේ චීවරධාරියා යන නමිනි.


හෙළ උරුමය: මේ රටේ මෙච්චර දැන උගත් පිරිස් ඉඳිද්දී මෙවැනි අගමැතිවරයෙක්ද අපිට උරුම වෙලා ඉන්නේ කියන එක පිළිබඳව අපි ගැනම අපිට කලකිරීමක් තියනවා.

අගමැති: ඕමල්පේ සෝභිත කියලා හාමුරුදු කෙනෙක්, චීවර ධාරියෙක් කියලා තියනවා ලියුම් යවලා තියනවා මේවා ගන්න කියලා. මෙහෙම කියන්න හේතුවක් තියනවා. මේ හාමුදුරුවෝ මේ නගර සභාවට බවලත් කෙනෙක් දාන්න කතා කලා. ආ...එයා දැම්මේ නෑ. බෑ කිව්වා.

හෙළ උරුමය: අපේ අගමැතිවරයා කියන ආකාරයට මේ කුඩු කන්ටේනරය හේතුවෙන් අගමැතිතුමාට අපහාස කරන්නේ අපේ නායක හාමුදුරුවෝ පෞද්ගලික තරහකට

අගමැති: කෑම කනකොට විට්ටච්චී උඩට ආවා. කෑම ටිකක් කමු කිව්වාම කිව්වා යාලුවෙකුත් ඉන්නවා කියලා. එන්න කිව්ව එයාටත්. කෑම කද්දී ෆොටෝඑ එකකුත් ගත්තා

හෙළ උරුමය: අගමැතිවරයා මේ ජාතිය හමුවේ විසඳිය යුතු ප්‍රශ්න රාශියක් තියනවා

ජමිල් කියන කුඩු කන්ටේනරයේ හිමිකරුවට අගමැතිවරයා තමන්ගේ නිවසෙ ආහාරවේලක් දුන්නාද නැද්ද?
මෙම කුඩු ව්‍යාපාරිකයා තමන්ගේ පුතාගේ මැතිවරණ ව්‍යාපාරයට මනාප අංකය සහිත ටී ෂර්ට් ලබා දුන්නාද නැද්ද?

අගමැති: මම පනත් දෙකක් ගෙනාවා. සම්බුද්ධ ශාසනය රැකෙන්න නම් මහා සංඝරත්නය වෙනුවෙන් සංඝාධිකරණයක් පිහිටවලා විභාග කරන්න

හෙළ උරුමය: සංඝාධිපනතක් ගේන්න කියලා මේ රටේ ස්වාමීන්වහන්සේලා එතුමාට කිව්වා. ඒක ගේන එක එතුමාගේ යුතුකමක්.

අගමැති: හාමුදුරුවරු ක්‍රියාකාරී දේශපාලනයට එන්න හොඳ නෑ. ඉන්න ඕනේ උපදෙශකයන් විදිහට. එකයට ඒගොල්ලෝ විරුද්ධ වුණා, ඕන්න විරුද්ධ වෙන්න හේතුව. මෙයා කියනවනේ අගමැති රිමාන්ඩ් කරන්න කියලා. කොච්චර මෝඩයොද කියලා පේනවනේ.

හෙළ උරුමය: අපේ නායකහාමුදුරුවන්ට අගමැතිතුමා සමාව නොගත්තොත් අපි අනිවාර්යයෙන්ම එතුමාට රු. බිලියනයක් ඉල්ලලා නඩු පැවරීමට බලාපොරොත්තු වෙනවා.

එම වීඩියෝව පහතින්.



IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment