ජයලාල් රෝහණ මහතාගේ ආතල් කියුම්

1. මේ වෙද්දි ජයලාල් අයියට තියෙන හොදම ආතල් එක මොකක් ද?

එළැඹේන ඡන්දේ තමයි ඉතින් ආතල්ම දේ. මම මේ බලන් ඉන්නේ මොනවා වෙයිද කියලා.

2. ඒ කිව්වේ?

ඇයි අනේ... මේ පාරත් තව බූරුවෝ ඉන්නවද කියලා හරියටම ඔප්පු කරගන්න පුළුවන්නේ. මේ ඉන්න අයම පත් වුණොත් ඉතින් ඔප්පු වෙනවා ඉන්නේ බූරුවෝ නෙවෙයි. පොල් බූරුවෝ කියලා.

3. ඉන්න අය ආතල් නැද්ද?

ඉන්න අයට නෙවෙයි. මේ කාලකණ්ණි විදියටයි අකමැති. මුල ඉදන්ම උඩු යටිකුරු වෙලානේ තියෙන්නේ. පිස්සු තමයි වැඩිපුර කෙළින්නේ නේද?


4. දැනෙන විදියට පරම්පරා ගැටුමක් තියෙනවද?

පරම්පරා ගැටුමක් ලෝකයේ නැහැ. ලොවේ කොයි රටකට ගියත් එහෙම එකක් නැහැ. පරණ දේවල් නැති වෙලා අලුත් දේවල් සිද්ධවෙන එකයි වෙන්නේ. ලංකාවේ ඉතින් ඕකට පාවිච්චි කරන්නේ ඔය වචනෙනේ. මේක මේ රටේ අධ්‍යාපනයේ වරද. අලුතින් හිතන්න උගන්වන Subject එකක් මේ අධ්‍යාපන ක්‍රමයේ නැහැනේ.

5. එහෙනම් ඇයි තරුණ පරම්පරාව නිතරම වැඩිහිටියන්ට චෝදනා කරන්නේ අපේ ආතල් කඩන්නෙපා, කියලා?

බාල අපස්මාරය හැදිලා තියෙන්නේ කියලා පිළිගන්න ඕනෑ එයාලා. මේක මේ Half boil Cuiture එකක් තියෙන රටක්නේ. මේක දූපතක්නේ. වෙන රටවල් එක්ක සබදතා අඩුයි. මේ රටින් පිට ගිහින් බලලා එන්න ඕනා. අපි එහෙම ඕනතරම් යන නිසා අපි නම් දකිනවා වෙන රටවල මෙහෙම වෙන්නෙනෑ කියලා.

6. මෙගා නාට්‍ය නිසා මිනිස්සුන්ගේ ආතල් කැඩුණා නේද?

මෙගා නිසා මෝඩයන්ට ආතල් වැඩියි. බුද්ධිමත්තු ඉතින් බලන්නේ නෑනේ. ජොලියට පුන්නක්කු කන උන් ඒව බලලා හරි ආතල් කියනවා.

7. අයියට ආතල් වේදිකාවද ටෙලි නාට්‍යද?

අම්මෝ....... වේදිකාව. මුළු ජීවිතයක් පෝෂණය කරන්න තරම් දේවල් එහි තියෙනවා.

8. මොනවාද වේදිකාව නිසා ගත්තු ආතල්?

වේදිකාව නිසා තව තවත් හොදට ඉගෙන ගන්න ඕනෑ කියලා තේරුණා. මනුස්සකම ඉගෙන ගත්තා. කුඩුකාරයෝ කුඩු කන්ටේනර් පිටින් ගේන්න ආසයි වගේ තමයි මට වේදිකාව නිසා ඉගෙන ගන්න ආසාව වැඩි වුණා. ඒත් අපේ රටේ ගොඩක් උන්ට නම් ඉතින් විභාග අසමත් වුණත් කමක් නෑ. තාත්තා කුඩුකාරයෙක්., හොරෙක් නම් වෙන රටකට හරි යවලා උගන්නලා කොහොම හරි උපාධියක් අරන් දෙනවානේ නේද?

9. කලා ක්ෂේත්‍රය තුළ ආතල් නැති කරගත්තු අයත් ඉන්නවා ද?

ලංකාවේ කලා ශිල්පියෝ අඩුයි. ඉන්නේ නළුවෝ සහ නිළියෝ.එයාලා මාර තොගයක් ඉන්නවා. නමුත් ශිල්පියෝ ඉන්නේ අතේ ඇගිලි ගාණටත් අඩුවෙන්. දැන් ශිල්පියෝ නෑ. ඉන්නේ පෙනී සිටින අයනේ. ගීත ගයන අය නෑ. ඉන්නේ සිනිදු කියන අය. චිත්‍ර ශිල්පියෝ නෑ. ඉන්නේ චික්‍ර අදින අය. ඒවා ගැන හිතද්දි හරි දුකයි. අපිට ඒවා ගැන හිතනකොට නැති වෙන්නේ මගේ ආතල් තමයි ඉතින්.

10. තව මොනවා නිසාද ආතල් නැති වුණේ?

අනේ නෑ.... මං ඉන්නෙ හරි ආතල් එකේ. ගොඩක් අය තනියෙන් බීලා ආතල් ගන්නවා. මම එහෙම බොන්නේ නෑ. මට එහෙම ආතල් එකක් නැහැ. ගොඩක් වෙලාවට මට මගේ මිත්‍රයෝ පෞද්ගලිකව කතාකරනවා එහෙම ආතල් ගන්න. නමුත් මම යන‍නේ නෑ. මම කරන්නේ මගේ ගෙදර පුස්තකාලය වටා පොත්පත් එක්ක සවාරි යන එක. ඒකතමා මගේ ලොකුම ඇතල් එක.

සමහර දේවල් ගැන හිතද්දී පිස්සුත් හැදෙනවා. මම උසස් පෙළට නාට්‍ය හා රංග කලාව උගන්වන ගුරුවරයෙක්. මම නුගේගොඩ, ගම්පහ පංති කරනවා. දැන් අවුරුදු තිහක් විතර වෙනවා. එහෙම මම උගන්වපු මගේ ගෝලයොත් දැන් නාට්‍ය හා රංග කලාව උගන්වනවා. සමහරු උසස් පෙළ සමත් අය, අසමත් අයත් උගන්වනවා. මේ අය නිකම් ජනප්‍රිය මෝස්තරයේ ප්‍රචාරයක් දුන්නම ළමයි පෝලිමට පංති යනවා. ඉතින් ඒ තරම් ආතල් එකක් මට තවත් නැහැ නේද?

11. නළු නිළියෝ දේශපාලනයට එන එක ගැන මොකක්ද හිතන්නෙ?

ආතල් වැඩිවෙනවා. පිස්සෝ බල්ටි ගහන එක වැඩිවෙනවා. මහ මිනිස්සුන්ට තමයි දැන් පිස්සු හැදීගෙන එන්නේ. වෙනස් නොවුනොත් මුළු රටේම පිස්සෝ වැඩිවෙන එකතමයි වෙන්නෙ.

12. ලංකාවේ මාධ්‍යවලින් මිනිස්සුන්ට දෙන ආතල් ගැන සතුටුද?

මුලින්ම මේ මීඩියාවල ඉන්න උන්ව පාසල් යවලා උසස් පෙළ කරවන්න ඕනෑ. ලංකාවේ තියෙන්නෙ මීඩියා නෙවෙයි. මාපියානේ. පත්තරවල නම් ඒක ගොඩක් අඩුයි. ඉතින් ඒකත් මාර ආතල් නේද?

13. අධ්‍යක්ෂක වරයාගෙන් ටෙලි නාට්‍ය නිළියන් සමග සල්ලි ඉල්ලලා ආතල් ගන්න අපේ රටේ සමහර ඇමතිලා ගැන මොකද හිතෙන්නේ?

මේක ඉතින් මේ ප්‍රසිද්ධ රහසක්නෙ. ඉස්සර නම් 50000යි ඉල්ලුවේ. දැන් ඊටත් වැඩිය ඉල්ලනවා. ඒ මදිවට නිළියටත් බුදියන්න වෙනවා. මෙහෙම වෙද්දි හිතෙනවා මේ ටික කරව ගන්නද ඡන්දෙ දුන්නේ කියලා. ජාතික මට්ටමේ තියෙන නාලිකාවල පවා පෙන්වන්නේ සතපහකට වැඩක් නැති නාට්‍ය. අර දෙක දීලා ඕන ජරාවක් දාගන්න පුළුවන්නේ. මං කලිනුත් කිව්වේ රංගන ශිල්පියෝ නැහැනෙ. ඉන්නෙ පෙනී සිටින නිළියොනෙ. එයාල ඉතින් අර කියන ඇමතිගේ සගයා එක්ක බුදියලා ටෙලි නාට්‍ය දාගන්නවා. අපේ පොල් බූරුවොත් ඉතින් සාලෙ මැද්දෙට වෙලා ඉදගෙන හරි Top කියලා බලනවා. 1945 දී බර්ටෝල් බ්‍රෙෂ්ට් හරි ලස්සන කතාවක් කිව්වා. අපේ රටට අවශ්‍ය දේශපාලකයෝ නොවෙයි. මොළේ ඇති මිනිස්සු කියලා. ඒ ටික තෝරගන්න එක තමයි ආතල්ම වැඩේ.

14. මේ තියෙන Systam එක වෙනස් වෙන්න නම් මොනවද කරන්න ඕනෑ එහෙනම්

මං කියන්නේ හොද විශාල භූ පැල්ලමක් ඇති වෙන්න ඕනෑ...

15. භූ පැල්ලමක්?

ඔව්... විශාල එකක්. ඒක ඇතිවෙන්න ඕනෑ පාර්ලිමේන්තුවෙ මැද්දෙන්. අපේ මැති ඇමතිවරු සභාගර්භයේ ඉද්දි තමයි මේ භූ පැල්මෙන් පාර්ලිමේන්තුව දෙකඩ වෙන්න ඕනෑ. ඊට පස්සේ පාර්ලිමේන්තුව ගිලෙනවා. පස්සෙ ආයෙත් පොලොවෙන් වැහෙනවා. ඒක මගේ හීනයක්. මුළු රටේම අ‍යගේ හීනෙත් ඕකම තමයි. එයාල කියන්නේ නැහැ. නමුත් මං කියනවා. ඒක වෙයි කියලා හිතෙන කොටත් මට මාර ආතල් අනේ ...

16. අපෝ... ඕක ඇතුලේ ඉන්න අය හදපු හයිවේ... එතකොට දාන්න ඉන්න කැසිනෝ... ඒවා අපරාදෙනෙ... ආතල් සේරම ඉවරයි නේද එහෙම වුනොත්.?

හයිවේ වැඩිවෙලා වැඩවෙලා මේක අන්තිමට ඉදිආප්පයක් වගේ තියෙයි. එතකොට ශ්‍රී ලංකාව හයිවේ නිසා ඉදිආප්පයක් වගේ වෙයි. මිනිස්සුන්ට කරන්නම දෙයක් නැති වෙයි. එහෙට මෙහෙට යන්නයි එන්නයි විතරක් තියෙයි. සාමාන්‍ය මිනිහෙක්ට පුළුවන්ද ඔය හදපු හයිවේ වල උදේ හවා වැඩට එන්න. මාසෙ පඩියත් මදි ඒකට ගෙවන්න. ඒ මිනිස්සුම ඉතින් හයිවේ මාර ශෝක් කියනවා. ඕවත් විශ්වාස කරන පොල් බූරුවෝ ඉන්නවානේ නේද?

උපුටාගැනීම යං අතිරේකය

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment