වෙනිසුවෙලානු හිටපු රූ රැජිණ වෙඩි තබා ඝාතනය කෙරේ

වෙනිසුවෙලාවේ හිටපු රූ රැජිණ මොනිකා ස්පියර් සහ ඇයගේ බ්‍රිතාන්‍ය ජාතික සැමියා වෙඩි තබා ඝාතනය කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, වෙඩි ප්‍රහාරයෙන් ඔවුන්ගේ 5 හැවිරිදි දැරියගේ පාදයකට තුවාල සිදු ව ඇති බව ය. කෙසේ වෙතත් රෝහලගත ව ප්‍රතිකාර ලබන ඇයගේ තත්ත්වය එතරම් බරපළ නොවන බව එම වාර්තාවල වැඩි දුරට ත් සඳහන් ය.

ඔවුන් දෙදෙනා සහ දියණිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී එලෙස වෙඩි ප්‍රහාරයට ලක් ව ඇත. වෙනිසුවෙලා පොලීසිය සැක පළ කරන්නේ, මංකොල්ලකරුවන් පිරිසක් විසින් අදාළ ඝාතන සිදු කරන්නට ඇති බව ය.

මෙරීඩා නගරයේ සිට කරක්කාස් අගනුවර දෙසට ගමන් කරමින් සිටියදී ඔවුන් ගමන් ගත් මෝටර් රථය කාර්මික දෝෂයකට ලක්ව ඇති බව වාර්තා වේ. පසුව රථය එම ස්ථානයෙන් ඉවත ට ගෙන යාමට උත්සාහ කර ඇති අතර එහිදී මංකොල්ලකරුවන් පිරිසක් පැමිණ එය නතර කරන ලෙස ඔවුන්ට අණ කර තිබේ.
එම අවස්ථාවේ කලබල වූ තිදෙනා ම මෝටර් රථය තුළ ට ඇතුළු වී ඇත. එම අවස්ථාවේ මොනිකා, සැමියා සහ දියණිය වෙඩි ප්‍රහාරයට ලක් ව ඇති අතර මොනිකා, සැමියා එම ස්ථානයේදී ම මිය ගොස් තිබේ.මොනිකා 2004 වෙනිසුවෙලා රූ රැජිණ ලෙස කිරුළු පැළඳූ මොනිකා මිය යන විට 29 වන වියේ පසු වූවා ය. ඇයගේ සැමියා තෝමස් බෙරී 39 වැනි වියේ පසු විය.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment