ඉදිරියේදී ඒකාබද්ධ වන බැංකු මෙන්න

කුඩා බැංකුවල ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා එම බැංකු වෙනත් වාණිජ බැංකුවක් සමග ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා මහා බැංකුව විසින් හඳුන්වා දී ඇත. 

ඒ අනුව මෙරට පවතින හුදකලා මුල්‍ය ආයතනයන් අනාගතයේදී කඩා වැටීම වලක්වා ගැනීම සඳහාත් දැනට පවතින මුල්‍ය ආයතන 48 , මුල්‍ය ආයතන 40 ක් දක්වා අවම කරගැනීමටත් මෙම පියවර මහා බැංකුව විසින් ගෙන ඇත. 

එහි පළමු පියවර ලෙස DFCC සහ NDB යන බැංකු දෙක ඒකාබද්ධ වනු ඇත. ඒ සඳහා දැනටමත් බැංකු දෙකෙහි ප්‍රධානින් සාකච්චා පවත්වමින් සිටී. 

එයට අමතරව පෑන් ඒෂියා බැංකුව හා යුනියන් බැංකුවද තවත් බලගතු බැංකු දෙකක් සමග ඒකාබද්ධ කිරීමේ සැලසුමක් පවතින අතර පෑන් ඒෂියා බැංකුව එකාබද්ඡා කරනු ලබන්නේ සම්පත් බැංකුව සමග බවට රාවයක් පවතී. නමුත් එම පුවත සම්පත් බැංකුව විසින් ප්‍රතික්ෂේප කොට ඇත. 

මෙයට අමතරව තවමත් මහා බැංකුවේ බලපත්‍රය ලැබෙන තුරු බලා සිටින කාගිල්ස් කෘෂි බන්කුවටද මෙම වසර වන බලපත්‍ර හිමිවීමට නියමිත බව වාර්තා වේ. එයට අමතරව රාජ්‍යය උකස් හා යෝජනා බැංකුව රජයේ වාණිජ බැංකුවක් සමගින් ඒකාබද්ධ කිරීමේ සැලසුමක් ඇත.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment