ගුරුවරයා ඔළුවට ගහලා සිසුවා ලෙඩ වී රෝහලේ

ආනමඩුව කන්නන්ගර විද්‍යාලයේ 5 ශේ්‍රණියේ ඉගෙනුම ලබන සිසුවකුට පාසලේ පැවැති ශිෂ්‍ය නායක ලාංඡන පැලඳවීමේ උත්සවයක් අතරතුරදී පාසලේ ගුරුවරයකු හිසට කළ පහරදීමකින් පසු රෝගාතුරව පුත්තලම මහ රෝහලට ඇතුළත් කර තිබේ. ඉකුත් 20 වැනිදා උදෑසන පාසලේ පැවැති රැස්වීමෙන් පසු තිබූ කෙටි උත්සවයකදී එම සිසුවා තමා ආසන්නයේ සිටි මිතුරකු කළ විහිළුවක් හේතු කොටගෙන කට අතින් වසාගෙන සිනාසීමේදී සිසුන් පසුපසින් සිටි එම ගුරුවරයා සිසුවාගේ හිසට පහරදී ඇත.

පාසල නිමවී නිවෙසට යෑමෙන් පසු සිසුවා වමනය දමමින් දැඩි ලෙස රෝගාතුර වී ආනමඩුව දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පුත්තලම මහ රෝහලට මාරුකර යවා තිබේ.ඒ සම්බන්ධයෙන් එම දරුවාගේ පියා ආනමඩුව පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර කිසිවකුගේ බලපෑමකට යටත් නොවී සිද්ධිය පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් පවත්වන බව ආනමඩුව පොලිසියේ උසස් නිලධාරියෙක් කීය.

ආනමඩුව කන්නන්ගර විද්‍යාලයේ විදුහල්පතිවරයාගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ සිද්ධිය පිළිබඳව පොලිස් පරීක්‍ෂණ පැවැත්වෙන බැවින් ඒ පිළිබඳව කිසිවක් පැවැසිය නොහැකි බවයි.සිටි මිතුරකු කළ විහිළුවක් හේතු කොටගෙන කට අතින් වසාගෙන සිනාසීමේදී සිසුන් පසුපසින් සිටි එම ගුරුවරයා සිසුවාගේ හිසට පහරදී ඇත.

පාසල නිමවී නිවෙසට යෑමෙන් පසු සිසුවා වමනය දමමින් දැඩි ලෙස රෝගාතුර වී ආනමඩුව දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පුත්තලම මහ රෝහලට මාරුකර යවා තිබේ. ඒ සම්බන්ධයෙන් එම දරුවාගේ පියා ආනමඩුව පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර කිසිවකුගේ බලපෑමකට යටත් නොවී සිද්ධිය පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් පවත්වන බව ආනමඩුව පොලිසියේ උසස් නිලධාරියෙක් "මව්බිම"ට කීය.

ආනමඩුව කන්නන්ගර විද්‍යාලයේ විදු හල්පතිවරයාගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ සිද්ධිය පිළිබඳව පොලිස් පරීක්‍ෂණ පැවැත්වෙන බැවින් ඒ පිළිබඳව කිසිවක් පැවැසිය නොහැකි බවයි.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment