ජැකා ගේ චිත්‍රපටයේ නළු නිළියන්ට ඇඩ්‍රස් නැති වෙයි !

ප්‍රවීන නළු ජැක්සන් ඇන්තනිගේ අලුත්ම චිත්‍රපටය වන "ඇඩ්‍රස් නෑ" චිත්‍රපටයේ රූගත කිරීම් පසුගිය දිනවලදී සිදුකරන ලදී. එය නිෂ්පාදනය කරනු ලබන්නේ ජනිත මාරසිංහ විසිනි. 

චිත්‍රපටය වෙනස්ම ආකාරයේ එකක් බවට ජැක්සන් ඇන්තනි විසින් මාධ්‍යය වලට ප්‍රකාශ කර තිබුනද එහි නළු නිළියන්ට හා කාර්මික ශිල්පීන්ට දර්ශන තලවලදී ලබා දී තිබුනේ කුඩම්මාගේ සැලකිලිය. 

ඔවුන් ප්‍රවාහනය කිරීම සඳහාද එහි නිෂ්පාදකවරයා විසින් ප්‍රවාහන පහසුකම් සලසා නොමැති අතර ඇතැම් විට දහවල් කාලයේ නිරාහාරව සිටීමට නළු නිළියන්ට හා කාර්මික ශිල්පීන්ට සිදුවී තිබේ. ඒ නියමිත ප්‍රමාණයට වඩා අඩුවෙන් දහවල් ආහාරය ගෙන ඒම හේතුවෙනි. 

මෙම චිත්‍රපටයට ජැක්සන් ඇන්තනි ගේ බිරිඳ, පුතු හා දියණිය තිදෙනාම දායක වේ. අඩු වියදමින් තැනෙන එම චිතරපටය ජනප්‍රිය කරවා ගැනීමට ජැක්සන් ඇන්තනී විසින් එම චිතරපටයේ ප්‍රධාන නළු නිලි දෙපල වන අරුණි රාජපක්ෂ සහ හෙමමාල් සම්බන්ධ කොට කට කතාවක්ද මේවනවිට ගොතා ඇත. එය පසුගිය දිනවල පුවත්පත් වල පළවුයේ "ජැකා අරුනිට හේමාල් සෙට් කරලා" යනුවෙනි.

ජැක්සන් ඇන්තනි සතුව ක්‍රියේටිව් හෙලංකා නම් නිෂ්පාදන ආයතනයක් පවතින අතර එහි කාර්යාලය මුලින්ම පවත්වාගෙන ගියේ අරලියගහ මන්දිරයට ආසන්නත ස්ථානයකය. පසුව රජයේ ඉහල නිලධාරියෙකුට එම ස්ථානය අවශ්‍යය වී ජැක්සන් හට ඩුප්ලිකේෂන් පාර ආසන්නයෙන් කාර්යාල ගොඩනැගිල්ලක් නොමිලේම ලබා දී ඇත. එම ගොඩනැගිල්ලේ 2012 ජුනි පලවනදාට ප්‍රථම වූ දේවල් දන්නේ ජැක්සන් ඇන්තනි සහ තවත් තැනැත්තියක් පමණි.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment