කුලියට මිනී මරන සමාගමක් අල්ලයි

මීගමුව බන්ධනාගාරයේ සිටින සිරකරුවකු ජංගම දුරකථන ඔස්සේ මෙහෙයවන ලද දිවයිනේ විවිධ ප‍්‍රදේශවලට ගොස් කුලී පදනම මත මනුෂ්‍ය ඝාතන කරන තිදෙනෙක් ගාල්ල වටරැක ප‍්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වි ඇත්තේ රුපියල් ලක්ෂයක් හෝ ලක්ෂ දෙකක් දුන් විට ඔවුන් ඔනෑම පුද්ගලයකු මරා දැමිම සඳහා කොන්ත‍්‍රාත්තුව භාර ගෙන එම කටයුත්ත සිදු කර දෙන බවයි.පසුගිය 11 වැනිදා මාතර තුඩාවේ මංජු ලක්ෂාන් නමැති සත්ව ගොවිපොළ හිමිකරුවකු රුපියල් ලක්ෂ දෙකක කොන්ත‍්‍රාත්තුවක් මත වෙඩි තබා ඝාතනය කර ඇත්තේද එම අපරාධ කල්ලිය විසින් බව පොලිසිය කියයි.

හෙරෝයින් මත් කුඩු ජාවාරම් කරුවකු පොලිස් අත්අඩංගුවට ගැනිමට ඔත්තු දුන්නැයි ඇතිවු සැකයක් මත එම ඝාතනය සිදුකර තිබේ. එහෙත් අපරාධ කරුවන්ට ඒ සඳහා ලැබි ඇත්තේ පොරොන්දු වු මුදලින් රුපියල් හතලිස් දහසක් පමණි.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment