කුඩු කන්ටේනරයේ හිමිකරු ගෙදර ඇවිත් කෑමත් කෑවා- අගමැති

  • මට ලේකම්ලා 10ක් ඉන්නවා.
  • කන්ටේනරය නිදහස් කරන්න කියලා ලේකම්ට කිව්වේ මගේ පුතා
  • සෝබිත චීවරධාරියා නගරසභාවට කෙනෙක් දාන්න හැදුවා. දැම්මේ නෑ.
කුඩු කන්ටේනරයක් නිදහස් කිරීමට ලිපියක් නිකුත් කිරීම නිසා අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බවට චෝදනා නැඟෙද්දී ඔහු විසින් සෝභිත හිමියන්ට චීවරධාරියා ලෙස ආමන්ත්‍රණය කිරීම නිසා එම ගැටුම තවත් වැඩි වුණා.

මේ අතර අගමැති පුතාගේ ජන්ද වැඩට මුදල් වියදම් කළේ මෙම කුඩු කන්ටේනරයේ හිමිකරුවන් බවට පසුගිය කාලයේ චොදනා නැඟෙද්දී අගමැතිවරයා පැවසුවේ එය නිදහස් කිරීමට ලේකම්ට කිව්වේ තම පුතා බවයි.

කුඩු කන්ටේනරයේ හිමිකරු තමන්ගේ නිවසට පැමිණ කෑම කෑ බවත්, සෝභිත හිමියන් තමන්ට චෝදනා කරන්නේ ගම්පොල නගර සභාවට කෙනෙක් දාගත නොහැකිවූ නිසා බවත් අගමැතිවරයා ඊයේ පැවසුවා.


"වෙන අමාත්‍යාංශ වල ඉන්නේ ලේකම්ලා එක්කෙනයි. ඒත් මට දහ දෙනෙක් ඉන්නවා. එක එක්කෙනාට එක එක වැඩ බාර දීල තියෙන්නේ. මේ විට්ටච්චි ආවා.

ආ වාඩි වෙන්න, යාලුවෙක් ඉන්නවා. කෑම ටිකක් කමු. ආ එන්ඩ කියන්න එන්ඩ කියන්න. ආවා. මෙයා ලංකාවේ මනුස්සයෙක් නෙවෙයි. මම කවුද කියලා අහපුවහම කිව්වා අම්මා ඩුබායි ඉන්නවා, මමත් එහේ ගියා, එතකොට මෙයා ඇවිල්ලා තියනවා...ආ එහෙමද, එහෙනම් කෑම ටිකක් කමු කිව්ව

එතකොට මෙයා තේකොල ගෙනියන්නද මොනවද ගෙනියන්න ආවා, මට හරියටම මතක නෑ. පස්සේ වත්තක් බලන්නත් ගිහින් තියනවා. එතකොට පුතාට කියලා තියනවා මෙයා , කවුද විට්ටච්චි, මෙයා මගේ යාලුවෙක්. බඩුවගයක් ගෙනල්ලා තියනවා. මාස දෙකක් විතර වරායේ තියෙන්නේ ගන්ඩ විදිහක් නෑ, හරි මුදලක් අය වෙලා තියනවා මාස දෙකක් නිසා, ඒක ටිකක් අඩු කරලා හදලා දෙන්න කියලා

පුතා කතා කරලා කියලා තියනවා කීර්තිට, මේක පොඩ්ඩක් බලන්නකෝ කියලා. එච්චරයි.

මෙයා දන්නේ නැතුව ලිව්වද කොහොම ලිව්වද දන්නේ නෑ, ලියුමක් ලියලා තියනවා. ඒක ඇත්ත. එයා දන්නෙත් එච්චරයි. විට්ටච්චි දන්නෙත් ඔච්චරයි. පුතා දන්නෙත්, මම දන්නෙත් එච්චරයි.

පස්සේ මේක ඇරලා බලනකොට ටින් වල හෙරොයින් කියන එක තිබිලා තියනව,

සෝභිත කියලා චීවරධාරියෙක් කියලා තියනවා මේ විදිහට හෙරොයින් වලට ලියුම් යවලා තියනවා කියලා. අගමැති රිමාන්ඩ් කරන්න කියලා. අගමැති අස්වෙන්න ඕනේ කියනවා. ඉතින් බලන්න, සිවුරක් පොරවාගත්ත මනුස්සයෙක් ඔය විදිහට කතා කරනවදා? එයාට පොලිස් බලතල තියනවද? නඩුකාරයෙකුට විතරයි කියන්න පුළුවන්

මෙයා ගම්පොල නගරසභාවට බවලත් කෙනෙක් දාන්න හැදුවා. දැම්මේ නෑ. ඕන්න විරුද්ධ වෙන්න හේතුව.
"

එම වීඩියෝ පහතින්.








IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment