Sex සොයා එක වීම හා ලිංගික අසහනය

2013 වසර අවසාන වීමට ඇත්තේ තව දින කිහිපයක් පමණි. ගුගල් වලින් සෙක්ස් සොයා ලංකාව තැබූ වාර්තාව බිඳ හෙලීමට තවමත් කිසිවෙකු සමත් වී නැහැ. 

ගූගල් ට්‍රෙන්ඩ්ස් වෙබ් අඩවියට අනුව මෙම වර්ෂයේදී වැඩිපුරම සෙක්ස් සොයා ඇත්තේ නුගේගොඩ ප්‍රදේශයෙනි. එයට අමතරව හෝමාගම සහ කොළඹ ද එම ලැයිස්තුවේ වේ. 

ඉන්දියාව, ටිමෝරය, ඉතියෝපියාව සහ බංගලාදේශය යන රටවල් සෙක්ස් වදන සොයා ලංකාවට පසුපසින් සිටී. නමුත් ගූගල් ට්‍රෙන්ඩ්ස් ගැඹුරින් අධ්‍යනය කළහොත් ලෝකයේ වැඩියෙන්ම සෙක්ස් සොයා ඇත්තේ ලංකාව නොව ඉන්දියාව හෝ පකිස්තානය බව කිව හැකිය. 
sex - Google Trends
මන්ද ලංකාවේ බහුතරය කාම දසුන් නැරඹීමට ඇබ්බැහි වී සිටි නම් කාම දසුන් සොයන වෙනත් වචන වලින්ද ලංකාව මුල්තැන ගෙන සිටිය යුතුය. 

නමුත් "පෝර්න්" "xxx" වැනි වදන් සෙවුමෙන් පෙරමුණේ සිටින්නේ පකිස්ථානය හා ඉන්දියාව වැනි රටවල්ය. එහෙයින් සෙක්ස් යන වදන පමණක් වැඩිපුර සෙවූ පමණින් ලෝකයේ වැඩිපුරම සෙක්ස් සෙවූ රට ලංකාව වන්නේ නැත. 
Porn - Google Trends

xxx - Google Trends
එසේ නම් ලෝකයේ වැඩිපුරම "ගොසිප්" සොයා ඇත්තේ ද ලංකාවේය. 
Gossip - Google Trends
නමුත් ගැටළුවක් ඇති බව අපි පිළිගත යුතුය. එනම් ලංකාවේ අන්තර්ජාලය පරිහරණය කරන බහුතරය කාම දසුන් නැරඹීමටද ඇබ්බැහි වී සිටින බවය. එය ඇලෙක්සා වෙබ් ලැයිස්තුවේ මුල් වෙබ් අඩවි කිහිපය පරික්ෂා කිරීමේදී සොයා ගත හැක. 
Alexa Web Ranking
මේ වනවිට ලංකාව තුල නිල් වෙබ් අඩවි 1500 කට අධික ප්‍රමාණයක් අවහිර කර ඇතත් ඒවාට විකල්ප ලෙස දිනෙන් දින වෙනත් වෙබ් අඩවි බිහිවී තිබේ. කල යුත්තේ අවහිර කිරීම නොව එවන් වෙබ් අඩවි හඳුනාගෙන ඒවා පෙරීමට ක්‍රමයක් සකස් කිරීමයි. 

වෙබ් අඩවි වල ඇති කාමෝද්දීපන දසුන් ලිංගික චර්යාවන්ට වඩා පෙලඹවීම් ඇති කිරීමට හෝ ලිංගික අපරාධ සඳහා හේතුවිය හැකි බවත් බොහෝ දෙනකු සිතා සිටියත් ඒවා මගින් සිදුවන්නේ ලිංගික ජීවිතය විනාශ කිරීමය. 

ජනප්‍රිය සංස්කෘතිකාංගයක් ලෙස නිපදවෙන චිත්‍රපටවල පවා මේ ප්‍රවණතාව මේවනවිට ඉස්මතුවී ඇතිඅතර ස්ත්‍රීයගේ බෙල්ල මිරිකාගෙන සුරතාන්තයට පත්වීම, කෙස්වලින් ඇදීම, පරපීඩා හිංසාකාරිත්වය පවත්නා සුලු ලිංගික සබඳතා පවා සාමාන්‍යකරණය වී ඇත. 

මෑත කාලයේ බ්‍රිතාන්‍ය යේ සිදුකරන ලද මහා පරිමාණ සමීක්ෂණයකින් මගින් අනාවරණය කරගෙන ඇත්තේ ඔවුන්ගේ වයස අවුරුදු 10 ට පෙර තත්ත්වය හා සංසන්දනය කර බලද්දී මේ වන විට මසකට 20%ක පමණ ප්‍රතිශතයකින් ලිංගික සබඳතා පැවැත්වීම අඩුවී ඇති බවයි. 

එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ කාම දසුන් නැරඹීමට ඇබ්බැහි වීමත් සමග සැබෑ ජීවිතයේ එවන් සම්බන්ධතා කෙරෙහි අලස වීමයි. 

මහාචාර්යවරුන් දෙදෙනකුගේද සහභාගිත්වයෙන් යුතුව සිඩ්නි විශ්වවිද්‍යාලය විසින් ද මෑතකදී විවාහ ජීවිත ගත කරන හෝ සහකරුවකු හෝ සහකාරියක ඇසුරු කරන පිරිමින් 800 ට වැඩි ප්‍රමාණයක් ඉලක්ක කරගෙන සිදුකරනලද පර්යේෂණයකින් තහවුරු වී ඇත්තේ 85% ක් දැඩි ලෙස කාමෝද්දීපන ප්‍රකාශන ඇසුරු කරන බවයි.

එයින් 40%ක් දිනකට මිනිත්තු 30 ත් පැය 3ත් අතර කාලයක් මෙවැනි වීඩියෝ දසුන් නරඹන බව අනාවරණය වී ඇතිඅතර එයින් 1/3ක් පවසා ඇත්තේ තමන්ගේ දෛනික කටයුතුවලට එය අහිතකර අන්දමින් බලපා ඇති බවයි. 

1/5 ක් තහවුරු කර ඇත්තේ තමන් සහකාරිය සමඟ ලිංගිකව එකතු වෙනවාට වඩා කාමෝද්දීපන දසුන් නරඹන බවයි. ලංකාවේ මෙය දැනට "දැවෙන" ප්‍රශ්නයක් නොවිය හැක. නමුත් එය දැනටමත් ලංකාවේ විවාහකයන්ට බලපෑ තිබිය හැක.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment