මීගමුවේ නත්තල් තොරණ

වෙසක් සමයේ වෙසක් තොරන් සාමන්‍යය දෙයක් වුවද නත්තල් සමයේ තොරන් බැලීම තවමත් අපට නුහුරු දෙයකි. මෙවර උදාවන නත්තල උදෙසාද මීගමුවේ නත්තල් තොරණක් ඉදිවී ඇත. 

මීගමුව නත්තල් කලාපය ආරම්භ වන ස්ථානයේ ඇති මෙම නත්තල් තොරණ සැදීමට අනුග්‍රහය සපයා ඇත්තේ බස්නාහිර පළාත් සභාවේ නිමල් ලන්සා විසිනි. 

නත්තල් උත්සවය සඳහා තොරන් ඉදිකිරීම ඇතැමුන් විවේචනය කර තිබුනත් එයට පිළිතුරු ලෙස සරත් හෙට්ටිආරච්චි පියතුමා පිළිතුරු දී තිබුනේ නත්තල් කැරොල් ගීත මගින් බෞද්ධ ගීතද, ඉරිදා පල්ලි මගින් දහම් පාසල්, නත්තල් සුබ පැතුම් පත් මගින් වෙසක් සුභ පැතුම් පත් ද බෞද්ධ සංකෘතියට එකතු වී ඇති බවකි. 

ලංකාවේ ප්‍රථම වෙසක් තොරණ ඉදිවන්නේ 1956 දී වන අතර මෙරට පළමු නත්තල් තොරණ නිර්මාණය කර ඇත්තේ ජයනාත් පණ්ඩිතරත්න පියතුමා විසිනි. එම තොරණේ ජායාරූප හා වීඩියෝ බලන්න පහතින් 






IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment