එස්.එම්.එස් පනස්දහසේ විරෝධය

ජනාධිපතිවරයා මෙවර අයවැයෙන් පොරොන්දු වූ පරිදි සේවක වැටුප් ලබන වසරේ ජනවාරියේ සිට රුපියල් 1500කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ක්‍රියා නොකරන්නේ නම් ලක්ෂයකට අධික සේවකයන් සමඟ උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සංගමය තීරණය කර ඇත. 

සේවක නියෝජිතයන් සමඟ සාකච්ඡා කර ඔවුන් එකඟ වන්නේ නම් නුදුරේම උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කරන බව නිදහස් වෙළෙඳ කලාප පොදු සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් විසින් මාධ්‍යයට කරුණු දක්වා තිබුණි. 

එම විරෝධයේ මුලික පිවර ලෙස අලුත්ම ආකාරයේ විරෝධතාවයක් ඔවුන් විසින් දක්වා තිබුණි. ඒ සේවක වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා එස්.එම්.එස් පණිවුඩ පනස් දහසක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සහ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ලක්‍ෂ්මන් ජයවීර මහතා වෙත යොමු කිරීමෙනි. 

නිදහස් වෙළඳ කලාපයේ සේවක සේවිකාවන් විසින් එක්ව මෙසේ 0773995599 යන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වැඩ බලන සභාපතිවරයාගේ ජංගම දුරකථන අංකයට කෙටි පණිවුඩ යවා ඇත්තේ එහි සභාපති ලක්‍ෂ්මන් ජයවීර මහතා දැනට විදේශගතව සිටින හෙයිනි. 

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment