නදීෂා හේමමාලි දකුණු පළාත් සභාවෙන් ජන්දයට - Nadeesha Hemamali is going to enter politics

මේ මස අගදී විසුරුවා හැරීමට නියමිත දකුණු පළාත් සභාව සඳහා එක්සත් ජාතික පක්‍ෂයෙන් ගාල්ල දිස්ත්‍රීක්කයට තරඟ වැදීමට ජනප්‍රිය නිලි නදීෂා හේමමාලි සූදානම්ව සිටින බව වාර්තා වෙයි.

ඒ සඳහා වන ඉල්ලූම්පත‍්‍රය එජාප මුලස්ථානයේදී එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා වෙත අද පෙරවැවේ බාර දී ඇත.ඇයගේ යෙහෙලියක් විසින් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ මාධ්‍යය හසුරන කිහිපදෙනෙකු සමග ඇතිකරගත් සම්බන්ධතා වලින් අනතුරුව ඇය මෙසේ එක්සත් ජාතික පක්ෂයට එකතු වී ඇත.
          පසුගියදා නදීෂා සහ ඇයගේ යෙහෙළිය එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා හමුවී ඇතිඅතර එහිදී ඇයගේ දේශපාලන ගමනේ ආරම්භය නිල වශයෙන් සනිටුහන් කොට ඇත. එක්සත් ජාතික පක්ෂය හැර නොයන බවත් ප්‍රතිපත්ති දේශපාලනයක නියැලෙන බවත් ඇය එහිදී පවසා ඇත.දකුණු පළාත් සභා මැතිවරණයට සන්ධානය නියෝජනය කරමින් අනර්කලි ආකර්ෂා ද තරඟ වදින අතර ගාල්ලේ මනාපය අඩු හෙයින් මෙවර මාතර දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට සැලසුම් කර ඇතැයිද වාර්තා වේ.

ගාල්ලදිස්ත‍්‍රික්කයේ උපන්නියක වන ඇයට අම්බලන්ගොඩ හෝ රත්ගම ආසනයේ එජාප සම සංවිධායක ධුරයක් පිරිනැමීමට ද එජාපය තීරණය කර ඇතැයි ද දැනගන්නට ඇත.

ජනපි‍්‍රය නිළියක් මෙන්ම කටකාරියක් ලෙසද ප‍්‍රකට නදීෂා වරක් කී 'ගණිකාවො නැතිනම් පිරිමින්ට පිස්සු හැදෙයි' ප‍්‍රකාශයෙන් පසු තවත් ජනප‍්‍රිය විය.

 




 Nadeesha who is to enter politics from the Southern Provincial elections from the UNP
It is reported that the popular actress Nadeesha Hemamali is going to enter politics by contesting the Southern Provincial council elections from the UNP ticket.

She has handed over an application to the UNP General Secretary Tissa Attanayake in the afternoon.

It is reported that she will be appointed as the party organizer for Rathgama or Ambalangoda since she has been born in Galle.

She has been very talkative and she became more popular after she made the statement that "men will go mad if not for the prostitutes."

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment