මැති - ඇමති ක්‍රිකට් තරඟයේ ජය මන්ත්‍රී පිලට - Ministers lose to MPs!

මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිගේ ඇමති පිල පරදා මන්ත්‍රී රවී කරුණානායකගේ මන්ත්‍රී පිල දෙවැනිවරටත් පැවැති කතානායක චමල් රාජපක්ෂ අභියෝගතා කුසලානය දිනා ගැනීමට ඊයේ (15) සමත් විය.

ඇමති කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු කඩුලු 7ක් දැවී ලකුණු 198ක් රැස් කළ අතර මන්ත්‍රී කණ්ඩායම කඩුලු 6ක් පමණක් දැවී එම ලකුණු ගණන රැස් කළහ.

කොළඹ ටොරින්ටන් පෙදෙස ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරඟයේදී ආරම්භක පිතිකරුවන් ලෙස විමල් විරවංශ හා ඩලස් අලහප්පෙරුම ඇමතිවරුන් පිටියට පිවිසියේය.පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් එක් කණ්ඩායමකටද, අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු අනෙක් කණ්ඩායමට ක‍්‍රීඩා කළ මෙම තරඟයේදී ඇමති පිලට නායකත්වය දෙනු ලැබුවේ මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසිනි.


උපනායක සනත් ජයසූරිය නොපැමිණ සිටි අතර සුසිල් පේ‍්‍රමජයන්ත, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, මහින්ද අමරවීර, පේ‍්‍රමලාල් ජයසේකර, ඉන්දික බණ්ඩාරනායක, රෝහණ දිසානායක, අර්ල් ගුණසේකර, ජගත් පුෂ්පකුමාර, රෝහිත අබේගුණවර්ධන, ලසන්ත අලගියවන්න, විනයාගමූර්ති මුරලිදරන් යන අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරු එම කණ්ඩායමේ සෙසු ක‍්‍රීඩකයන් විය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමේ නායකත්වය අර්ජුන රණතුංග මහතාට පවරා තිබූ නමුත්, ඔහු නොපැමිණි බැවින් රවී කරුණානායක මහතා එහි නායකත්වය දැරූ අතර උපනායක ලෙස නාමල් රාජපක්ෂ මහතා කටයුතු කරන ලදී.

නෙරන්ජන් වික‍්‍රමසිංහ, අකිල විරාජ් කාරියවසම්, ලොහාන් රත්වත්තේ, හරීන් ප‍්‍රනාන්දු, තාරානාත් බස්නායක, එරික් වීරවර්ධන, දිලූම් අමුණුගම, කනක හේරත්, ෂෙහාන් සේමසිංහ සහ නලීන් බණ්ඩාර එම කණ්ඩායමේ සෙසු ක‍්‍රීඩකයන් විය.















Ministers vs Parliament MP's Cricket Match

Ravi Karunanayake led the MPs team to victory over the ministers, captained by Mahindananda Aluthgamage, in the the second edition of the speaker Chamal Rajapaksa Challenge Trophy cricket encounter at the Sports Ministry grounds at Torrington Place today (15).

Batting first, the ministers' team posted 198 for seven in 20 overs.

The MPs reached the target losing six wickets in the process.

Wimal Weerawansa and Dullas Alahapperuma opened batting for the ministers' team, also comprising Susil Premajayantha, Johnston Fernando, Mahinda Amaraweera, Premalal Jayasekara, Indika Bandaranayake, Rohana Dissanayake, Earl Gunasekara, Jagath Pushpakumara, Rohitha Abeygunawardena, Lasantha Alagiyawanna and Vinayagamurthi Muralitharan.

Sanath Jayasuriya, who was to be the vice captain, was absent.

So did, Arjuna Ranatunga, who was named to be the skipper of the MPs' team.

In his absence, Ravi Karunanayake led, with Namal Rajapaksa as his deputy and other members of the team were Neranjan Wickramasinghe, Akila Viraj Kariyawasam, Lohan Ratwatte, Harin Fernando, Tharanath Basnayake, Eric Weerawardena, Dilum Amunugama, Kanaka Herath, Shehan Semasinghe and Nalin Bandara.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment