ඉබේ ධාවනය වූ දුම්රියට " අපි දන්නෑ " කියූ රියදුරු හා සහායක සිද්ධිය දවසේ වැඩේ වැරදී කෝච්චිය පස්සෙන් දුවලා මාට්ටු

රියැදුරකු නොමැතිව දුම්රිය එන්ජිමක් මාලිගාවත්ත ජලශක්ති ධාවනාගාරයේ සිට රත්මලාන දක්වා ධාවනය වීමේ සිද්ධිය ගැන අවසන් වාර්තාව අනුව ඊට ඍජුවම අදාළ දුම්රිය එන්ජින් රියැදුරා සහ රියැදුරු සහායක වගකිවයුතු බව ත්‍රිපුද්ගල කමිටුව නිර්දේශ කර තිඛෙනවා.

මරදාන හා කොටුව දුම්රිය ස්ථානවල සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා පද්ධතිවල පටිගතවී තිබූ දර්ශන අනුව දුම්රිය එන්ජිම ධාවනය වීමෙන් පසුව ඒ පිටුපස ෂන්ටින් එන්ජින් රියැදුරා සහායක හා පනිට්ටුකරු දුවගෙන එන දර්ශන හා අදාළ එන්ජිම ධාවනය වන අයුරු පැහැදිලිව දැකගැනීමට හැකිවූ බවත් ඔවුන් එය නවතාගන්නට බැරිවීමෙන් පසු ඒ ගැන නොදන්නා ගාණට සාක්ෂි ලබාදී ඇති බවත් කමිටුව පවසනවා.එන්ජිම නවතා තිබූ මාර්ගයෙන් ඉවත් කිරීම සඳහා පණ ගැන්වීමෙන් පසුව නිසි ආරක්ෂිත විධිවිධාන නොයොදා රියැදුරු එන්ජිමෙන් බැහැරව යෑම අදාළ එන්ජිම ධාවනය වීමට හේතුව බවද එම කමිටු වාර්තාවෙන් හෙළිදරව් කර තිඛෙනවා.
පසුගිය 5 වැනිදා රාත්‍රි 12.25ට පමණ දුම්රිය එන්ජිම රියැදුරකු නොමැතිව කිලෝමීටර් 15ක දුරක් මුහුදුබඩ දුම්රිය මාර්ගය ඔස්සේ රත්මලාන දක්වා ධාවනය වීමේ සිද්ධිය ෂන්ටින් රියැදුරාගේ බරපතළ අත්වැරැද්දක් නිසා වූ සිදුවීමක් බව මේ අනුව තහවුරුවී තිඛෙනවා.

එන්ජිම නිදැල්ලේ ධාවනය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආවරණ පනිට්ටුකරු, ආවරණ ඉන්ධනකරු, තාක්ෂණ ශිල්පී සහායක, අනෙක් ෂන්ටින් එන්ජින් රියැදුරු හා අනෙක් ෂන්ටින් එන්ජින් රියැදුරු සහායක (ආවරණ) යන සේවකයන් මෙම සිද්ධියට වගකිව යුතු බව පරීක්ෂණ අනුව නිගමනය වූ බව පැවසුණා.

මෙම වාර්තාව සකස් කිරීම සඳහා පුද්ගලයන් 46 දෙනකුගෙන් සාක්ෂි ලබාගත් බවද වැරැදිකරුවන්ට ද~ුවම් ලබා දීම නිර්දේශ කර ඇති බවද ඒ වෙනුවෙන් මූලික පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බවද කමිටුව සඳහන් කරා.

686 එන්ජිම ජලශක්ති ධාවනාගාර අංක 6 මාර්ගයේ ස්ථානගත කිරීමේදී නිසි ක්‍රියා පිළිවෙත අනුගමනය නොකිරීම හා නිසි ආරක්ෂිත විධිවිධාන ක්‍රියාත්මක නොකිරීම, ධාවනාගාර ෆෝමන්වරයාගේ උපදෙස් පරිදි ක 686 එන්ජිම අංක 06 මාර්ගයෙන් ඉවත් කිරීම සඳහා පණ ගැන්වීමේදී රියැදුරු සහායකගේ සහාය නොගැනීම එන්ජිම පණ ගැන්වීමෙන් පසු නිසි ආරක්ෂිත විධිවිධාන යෙදීමෙන් තොරව එන්ජිමෙන් බැස යෑම, එස් 11 වර්ගයේ බලවේග කට්ටල යතුරක් අනවසරයෙන් තමා සන්තකයේ තබා ගැනීම හා එමගින් 686 එන්ජිම පණ ගැන්වීමට කටයුතු කිරීම, පරීක්ෂක මණ්ඩලය නොමග යැවීම සඳහා අසත්‍ය ප්‍රකාශයක් ලබා දිම රාජකාරියේ යෙදී සිටියදී නිසි අවසරයකින් තොරව තම සේවා ස්ථානයෙන් බැහැරව යෑම ආදී වැරැදි මෙහිදී හෙළිවූ බවද කමිටු නිලධාරීන් පැවසුවා.

විශේෂයෙන් මරදාන හා කොටුව දුම්රිය ස්ථානවල සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා පද්ධතිවල පටිගතවී තිබූ දර්ශන තම පරීක්ෂණ සඳහා ඛෙහෙවින් ඉවහල් වූ බවත් මෙවැනි වැරදි නැවත නොවීම සඳහා පියවර ගණනාවක් නිර්දේශ කරන බවත් කමිටු වාර්තාව සඳහන් කරා.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment