ජනපති කියනතුරු මොහාන් නොසෙල්වේ!

දකුණු පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ඩී. ඩබ්ලිව්. ප්‍රතාපසිංහ මහතා ජාතික රූපවාහිනියේ සභාපති ධුරය මෙහෙයවීම සඳහා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ පුවතක් පිලිබඳ මෙයට පෙර අප විසින් හෙළි කරන ලදී. 

ඔහු එසේ එම ධූරයෙන් ඉවත් වුයේ ජනපතිවරයා විසින් ඔහුට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරය දරන ලෙස සිදු කල යෝජනාවක් අනුවය. 

නමුත් ප්‍රතාපසිංහ මහතා හට තවමත් එම ධුරයේ වැඩ බාරගැනීමට නොහැකිව ඇත්තේ මොහාන් සමරනායක විසින් සිය ධූරය අතහැරීමට සූදානමක් නොමැති නිසාවෙනි. 

මේ පිලිබඳ මොහාන් සමරනායක පවසන්නේ ජනාධිපතිවරයා තමා වෙත ඒ පිළිබඳව දැන්වුවහොත් පමණක් ඔහු එම ධූරයෙන් ඉවත් වීමට සූදානම් බවයි. 

රූපවාහිනියේ ජනතා විමුක්ති පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ සේවක සංගම් විසින් ද මොහාන් සමරනායක වෙත සහයෝගය දක්වමින් පවසා ඇත්තේ ජනපති දන්වන තුරු ධූරයෙන් ඉවත් නොවන ලෙසයි. 

මේ හේතුවෙන් මන්ත්‍රී ධූරයෙන් ඉවත්වූ ප්‍රතාපසිංහ ජනපති මෙම ගැටළුවට මැදිහත්වනතුරු බලා සිටී.

IFTTT

via Personal Recipe 6688875

Post a Comment