කිරිපිටි, දුම්වැටියට වඩා භයානකයි!

කිරිපිටි නිසා සිදුවන සෞඛ්‍යමය හානිය දුම්කොළ- දුම්වැටි නිසා සිදුවන හානියට වඩා සියයට 70කින් පමණ වැඩි යැයි ද අධික කිරිපිටි පාරිබෝජනය බෝ නොවන රෝග රාශියකට හේතුවි ඇතැයි ද පෙනි යන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය නිෂාන්ත පේ‍්‍රමරත්න මහතා පවසයි.

රජයේ රෝහල් වල ප‍්‍රතිකාර ලබන බෝනොවන රෝග වැළදුණු පිරිස අතරින් දුම්කොළ දුම්වැටි නිසා රෝගි වු පිරිය සියයට 2-3 අතර වන නමුත් කිරිපිටි නිසා එවැනි රෝග වලට ගොදුරු වන පිරිස සියයට 70-75 ක් පමණ වෙතැයි ද වෛද්‍ය පේ‍්‍රමරත්න මහතා ප‍්‍රකාශ කළේය.

ඉදිරියේදි දියවැඩියා රෝගින් සංඛ්‍යාව සියයට 50ක් වෙතැයි පවසා ඇති අනාවැකිය කිරිපිටි භාවිතය තවදුරටත් පැවතුන හොත් තහවුරුවනු ඇතැයි කී ලේකම් වරයා. මේ නිසා කිරිපිටි මාෆියාවෙන් රට ඛේරා ගැනිමට මෙය අවස්තාවක් කර ගන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවද පැවසිය.කිරිපිටි සමාගම් ඉල්ලන පරිදි මිල වැඩි කිරිමට ඉඩනොදි ගෙන්විම සිමා කර මෙරට නැවුම් දියර කිරි ප‍්‍රචලිත කිරිමට සහාය දක්වන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවද හෙතෙම තවදුරටත් ප‍්‍රකාශ කළේය.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment