කුඩු ඕන නම් මට කියන්න - අගමැති

අගමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් වරයෙකු ලංකාවේ මෙතෙක් හසුවූ විශාලතම කුඩු තොගය නිදහස් කිරීම සඳහා අගමැතිගේ ලිපි ශීර්ෂයෙන් ලිපි යැවීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි අතර ඔහු එම තනතුරෙන් ඉවත්වී අගමැතිවරයා දෝෂාරෝපණයෙන් නිදහස්කරන මෙන් ඉල්ලුවද අගමැතිවරයාට එරෙහිව විපක්ෂයේ, හෙළ උරුමයේ, විරෝධය අඩුවුයේ නැත.

දිගින් දිගටම තමාට කුඩු සම්බන්ධව චෝදනා එල්ලවන විට අගමැතිවරයා සිටියේ කෝපයෙනි. එහෙයින් පසුගිය දිනෙක අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට සැරසුන අතර එම කතාව අගමැතිවරයා විසින් පුහුණුවෙනු දුටු දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා විසින් එම කතාවේ කොටසක් ඇසීමෙන් පසු එම කතාව කීම වලකා ඇත.


එම කතාව මගින් බොදු බල සේනාව හා හෙළ උරුමය දැඩි ලෙස විවේචනය කිරීමට අගමැතිවරයා සුදානම් වී තිබුණි. නමුත් ඉන් ඇතිවියහැකි විරෝධය ගැන සිතා දිනේෂ් ගුණවර්ධන විසින් එම කතාව නතරකොට තිබිණි.

මේ අතරතුරදී පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති විවාදයකදී අගමැතිවරයාට නැවතත් කුඩු චෝදනාව එල්ලවීමේදී අගමැතිවරයාගේ මයික්‍රෆෝනය වැරදීමකින් ඔන් වීමෙන් ඔහු විසින් "ආ...ආ කුඩු එහෙම ඔනේනම් කියන්න ඕන, කොච්චර ඕනද? කියල. " යනුවෙන් පවසන ලදි.

එවිට සභාවේ මුලාසනය දැරූ දෙපල අතින් සංඥා කරමින් පැවසුවේ මයික්‍රෆෝනය ඕෆ් කරගන්නා ලෙසයි.

එම වීඩියෝව පහතින්.




මේ අතර අගමැතිවරයා පාර්ලිමේන්තුවෙන් පිටත රැස්වීමකදීද කුඩු ගැන කතා කර තිබුණා.

"කුඩු...දන්නවනේ...හැම කනේම කුඩු....කටට දානවනම් කමක් නෑ කනටත් දාලා තියෙන්නේ. එහෙම දාලා රටට වැරදි චිත්‍රයක් පෙන්නනවා. අද මේ ලංකාවේ තියන තත්ත්වය ඒකයි. තමුන් විශාල ලෙස වැරදි කරනවා. එහෙම කරලා මම හොඳ මනුස්සයා කියලා රටට පෙන්නන්න උත්සාහ කරනවා."



IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment