ෆොන්සේකාට බෝම්බ ගැහුවේ වනචරකමේ ගිහින් - සරණ ගුණවර්ධන

එල්.ටී.ටී.ඊ කාන්තාවකට ඇල්ම දක්වලා 
ෆොන්සේකා ඉල්ලන් කෑවා

හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා 2006 අප්‍රේල් මස 25 වනදා කොළඹ යුධ හමුදා මුලස්ථානය අසලදී බෝම්බ ප්‍රහාරයට ලක්වුයේ අන් කිසිවක් නිසා නොව ඔහුගේ වනචරකම නිසාවෙන් බව ඛනිජ තෙල් නියෝජ්‍ය අමාත්‍යය සරණ ගුණවර්ධන පසුගියදා සිරස "සටන" දේශපාලන වැඩසටහනට පැමිණ ප්‍රසිද්ධියේ කියා තිබුණි. 

සරණ ගුණවර්ධන අමාත්‍යවරයා චෝගම් පිලිබඳ වර්ණනාවක් සිය කතාවේදී සිදුකරන අතරතුරේදී ප්‍රජාතන්තවාදී ජාතික පෙරමුණේ කර්නල් වරයා එයට බාධා කල හෙයින් ඔහු සරත් ෆොන්සේකා පිළිබඳව එසේ පැවසීය. 

ඔහුගේ කතාව පහතින් බලන්න 

"ආයේ මගේ කට අවුස්සගන්න එපා..ෆොන්සේකා මහත්තයා ගැන අහන්න එපා මන්ත්‍රීතුමා..ෆොන්සේකා මහත්තයට බෝම්බ ගැහුවේ වනචර කමට ගිහිල්ලා..එක හමුදාපතිවරයෙකුට කාන්තාවන් හම්බ වෙන්න බැහැ ගිහිල්ල..

එහෙනම් ඔයිට ඉස්සෙල්ල හමුදාපතිවරු හිටියා..බ්‍රිගේඩියර්වරු හිටියා..මෙයා කාන්තාවකට ඇල්ම කරන්න ගියා..ඇල්ම කරන්න ගියේ එල්.ටී.ටී ඊ කාන්තාවකට...අපෙන් අහන්න..

එල්.ටී.ටී.ඊ. කාන්තාවකට ඇල්ම කරන්න ගියේ..අන්තිමට බඩ මැද බෝම්බ බැඳගෙන ආවා..අන්තිමට ෆොන්සේකා මහත්තයට උනේ ඉල්ලන් කන්න.."

එහි වීඩියෝව 
සරත් ෆොන්සේකා මහතා බෝම්බ ප්‍රහාරය ගැන හෙලිකල අයුරු

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment