අනුරාධපුරයේ "කැමරා දොස්තර" අත්අඩංගුවට

අනුරාධපුර රෝහලේ කාන්තා වැසිකිලියේ කැමරාවක් සවි කිරීමේ සිද්ධියට සම්බන්ධ වෛද්‍යවරයා අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

පසුගිය 20 වනදා අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාන්තා වැසිකිළියේ සවිකොට තිබූ කැමරාවක් සොයාගත් අතර එම කැමරා වෛද්‍යවරුන්ගේ ආපන ශාලාවේ වැසිකිළියක සහ ප්‍රධාන කාර්යාලයේ වැසිකිළියක තිබී සොයා ගෙන ඇත. 

බැලු බැල්මට නොපෙනන කුඩා ප්‍රමාණයේ කැමරා දෙකක් එම වැසිකිලි දෙකෙහි සවිකොට තිබී ඇත. රෝහල් කාර්ය මණ්ඩලයේ ලිපිකාරිනියන් ගේ දර්ශන ලබාගැනීමේ අරමුණෙන් එම කැමරා සවිකොට ඇතැයි වාර්තා වේ. 

කැමරාවලට සම්බන්ධ කර ඇති වයර් දිගේ ගොස් බලද්දී එම වයර් අවසාන වී ඇත්තේ රෝහලේම වෛද්‍යවරයෙකුගේ කාමරයකිනි. ඒ අනුව එම වෛද්‍යවරයා විසින් එම කැමරා සවිකොට ඇති බවට පැහැදිලි සාක්ෂි ලැබී තිබියදීත් දින දහයක පමණ කාලයක් තිස්සේ එම වෛද්‍යවරයාට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් වැළකීමට රෝහල් පරිපාලනය කටයුතු කොට තිබුණි.

මෙම වෛද්‍යවරයා පිලිබඳ අප කල සොයා බැලීමකදී හෙලිවුයේ ඔහු මෙයට පෙරත් එවැනි කැමරාවක් අනුරාධපුර රෝහලේ සවිකොට ඇති බවයි. ඔහු නමින් දිනුශාන් ***** වන අතර ඔහු වෛද්‍ය උපාධිය ලබාගෙන ඇත්තේ ඉන්දියාවෙනි. 

ඔහුගේ පියා මොරටුව ප්‍රදේශයේ කීර්තිමත් දන්ත වෛද්‍යවරකි. ඔහුට කුඩා කල පටන් මෙවැනි විකෘති ආශාවන් ගෙන් පෙළුණු අයෙකු බව වාර්තා වේ. 

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ අද උදෑසන වන විටත් සේවයෙහි නිරතව සිටි මෙම වෛද්‍යවරයා සම්බන්ධ චෝදනාව යට ගැසීමට අනුරාධපුර රෝහලේ අධ්‍යක්ෂවරයා විසින් ක්‍රියාකොට තිබුණි.

රෝහල් අධ්‍යක්ෂ විජයදාස අතපත්තු විසින් රෝහලේ ලිපිකරුවෙකුට අද උදෑසන නියෝග කොට තිබුනේ අදාළ සැකකාර වෛද්‍යවරයා කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශයට අනුයුක්ත කිරීමට ලිපියක් සකස් කරන ලෙසයි. 

මෙම සිදුවීමත් සමග රෝහලේ කාර්ය මණ්ඩලය විරුද්ධ වී ඇත්තේ වෛද්‍යවරුන්ට පමණක් වෙනම නීතියක් ක්‍රියාත්මක  කල නොහැකි බව පවසමිනි. මෙම සිදුවීම රෝහලේ කාර්ය මණ්ඩලයේ අයෙකු විසින් සිදු කලේ නම් තත්වය මෙයට වඩා වෙනස් බව පෙන්වා දෙන රෝහල් කාර්ය මණ්ඩලය එයට එරෙහිව ඊයේ දිනයේ වැඩ වර්ජනයක්ද ආරම්භ කොට තිබුණි.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment