සනත් ජයසුරියගේ වාහනයට වල් ඌරෙකු පනී

නියෝජ්‍ය ඇමති සනත් ජයසුරිය ගමන් කළ වාහනයට ඊයේ රාත්‍රියේ දක්ෂින අධිවේගී මාර්ගයේදී වල් ඌරෙකු හැපි තිබේ.

තවත් වාහනයකට ඉස්සර කිරිමට යාමේදී මෙම අනතුර සිදුවී ඇටි අතර එම මොහොතේදීම ඌරා මැරී තිබේ. වාහනය අධිවේගී මාර්ගයෙන් ඉවතට ගෙන එන ලෙස අවශ්‍යය අංශ වෙත දන්වා සනත් ජයසුරිය වෙනත් වාහනයකින් මාතර ගොස් ඇත.


මෙයට සති කිහිපයකට ප්‍රථම සනත් ජයසූරිය පිල්ලෑව පන්සල ඉදිරිපිටදී බස් රථ රියදුරෙක්ට බැන වැදීමේ පුවතක් වාර්තා වී තිබුණි. පන්සල ඉදිරිපිටදී සිය වාහනය ගැනීමට අපහසුවූ අවස්ථාවේ සනත් විසින් එම රියදුරුට බැන වැදී තිබුනේ "බූරුවෙක් වෙන්න එපා ඕයි, බැහැලා ඇවිල්ලා දෙනවා කන පැලෙන්න" යනුවෙනි. 

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment