සුළං ටර්බයින බලන්නට එන හඳුනා නොගත් පියාසර වස්තූන්

බ්‍රිතාන්‍යයේ Devon ප්‍රදේශයේ පිහිටි Fullabrook සුළං ටර්බයින් වල ජායාරුපයක් ගත් වෘත්තීමය කැමරා ශිල්පියෙකුගේ ජායාරූපයක හඳුනා නොගත් පියාසර වස්තුවක් සටහන්ව තිබෙනවා.

ඊට දින කිහිපයකට පෙර එම ප්‍රදේශයේ දක්නට ලැබුණු ආලෝකයන් පිළිබඳවද මේ වනවිට වාර්තා වෙමින් පවතින්නේ පෙරේදා ගනු ලැබූ මෙම ජායාරූපය ඊයේ බ්‍රිතාන්‍ය පුවත්පත් වල පලවීමත් සමඟයි.

එම ජායාරූපය දුටු Matt Naughton නම් පුද්ගලයෙකු පවසා ඇත්තේ තමන්ද පසුගිය බ්‍රහස්පතින්දා වාහනය එලවමින් සිටියදී අහසේ හඳුනා නොගත් ආලෝකයක් දුටු බවයි


එම ප්‍රදේශයේ වෙසෙන Jacqueline Leighton Boyce නම් කාන්තවක් විසින්ද පසුගියදාපවසා තිබුණේ තමන්ද රාත්‍රී අහසේ හඳුනා නොගත් ආලෝක්යක් දුටු බවත්, එය වීඩියෝ කල බවත්ය. එම වීඩියෝව පහතින්.



හඳුනා නොගත් පියාසර වස්තුවක් සටහන්වූ සුළං ටර්බයින වල ගත් ජායාරූපය පහතින්.




මෙම සිදුවීමත් සමඟ මෙම ප්‍රදේශයේම 2009 වසරේ වාර්තා වූ හඳුනා නොගත් පියාසර වස්තුවක් පිළිබඳවද හෙළි වුණා.

ඒ පිළිබඳව 2009 වසරේදී ස්කයි නිවුස් නාලිකාව විකාශය කළ පුවතකින් කියවුනේ හඳුනා නොගත් පියාසර වස්තුවක ගැටීමෙන් සුළං ටර්බයින් එකකට හානි සිදුවී ඇති බවයි. එම වීඩියෝව පහතින්.




හඳුනා නොගත් පියාසර වස්තුවක් ගැටීමෙන් හානිවූ ටර්බයිනයක් පහතින්.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment