ප්‍රධාන නිළිය අකමැති නිසා රුසියාණු ගණිකාවන් දෙන්නෙක් ඇමතිට දුන්නා- රන්ජන්

පසුගියදා රන්ජන් රාමනායක විසින් පාර්ලිමේන්තුවේදී හෙළි කර සිටියේ රාජ්‍ය රූපවාහිනී නාලිකා වල ටෙලිනාට්‍ය විකාශනය සඳහා එක්තරා ඇමතිවරයෙකුගේ මහනුවර ගිණුමට රු 50,000ක් දමා ප්‍රධාන නිළිය ඔහු හා යහන්ගතවීමටත් යැවිය යුතු බවයි.

පසුව කෙහෙළිය අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරමින් සිටියේ එසේ මුදල් දැමීමට රන්ජන් රාමනායක පවසන "රඹුක්වැල්ල පදනම" යනුවෙන් පදනමක් තමාගේ නොමැති බවයි.

කෙසේ වුවද අද පුවත්පතක් සමඟ සාකච්ජා පවසමින් රන්ජන් රාමනායක තවත් කරුණු කිහිපයක් හෙළි කර තිබෙනවා. ඔහු පවසන්නේ එම ප්‍රභූවරයා සමඟ යහන්ගතවීම සඳහා එක්තරා ටෙලිනාට්‍යයක ප්‍රධාන නිළිය අකමැතිවූ නිසා රුසියානු ගණිකාවන් දෙදෙනෙක් එම ප්‍රභූවරයාට ලබා දුන් බවයි. එමෙන්ම එක්තරා නිෂ්පාදකවරයෙක් ලක්ෂ 8ක් එම ගිණුමට මුදල් දමා ඇති බවත් ඔහු සඳහන් කර තිබේ.


ඔබ බොහෝම බරපතල ප්‍රකාශයක් කරලා තිබුණා නාට්‍යයක් රාජ්‍ය නාලිකා වලින් විකාශයකරවා ගැනීමට රු. 50,000ක් දිය යුතු බවටත්, එහි ප්‍රධාන නිළිය යහන්ගතවිය යුතු බවටත්. ඔබ කියන්නේ කවුරුන් ගැනද?
....... ගැන.

ඔය තරම් බරපතල චෝදනාවක් කරන්නේ කොහොමද?
මේක කලා ක්ෂේත්‍රයේ බොහෝම විවෘත රහසක්. ඔය පුද්ගලයා යටතේ ඉන්න සියළුම වගකිවයුතු නිළධාරීන් පවා දන්නවා. මට ඕනෑ තරම් සාක්ෂිත් තියනවා.

ඔය චෝදනා ඉදිරිපත් කරන පුදගලයෙකුගේ නමක් කියන්න පුළුවන්ද?
හුඟ දෙනෙක් ප්‍රසිද්ධියේ නම් කියන්න බයයි. ඒත් මාලනී ෆොන්සේකා මහත්මියගේ මස්සිනා වූ ප්‍රසන්න විතානගේ මහත්තයා නම ප්‍රකාශ කරන්නම කියලා කිව්වා. එයාට කොන්ද පණ තිබුණා.

මේවා වගකිවයුත්තන්ට කිව්වේ නැද්ද?
ඇයි නැත්තේ? පසුගිය අගෝස්තු 6 වෙනිදා කලාකරුඅන්ගේ ප්‍රශ්න පිළිබඳව ජනාධිපතිවරයා සමඟ පැවැත්වුණු සාකච්ජාවේදී මේ ගැන කියලා තියනවා. ජනාධිපති උපදේශකයෙක් ලිපියකින් ජනාධිපතිට දැනුම්දීලත් තිබුණා. ඊට අමතරව පාර්ලිමේන්තුවේදීත් මම කතා කළා. පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේදීත්, සාකච්ජාවකදීත් කිවා.

ටෙලිනාට්‍ය විකාශය පිළිබඳව රාජ්‍ය රූපවාහිනී නාලිකා වලට ප්‍රතිපත්තිය නැද්ද?
ඇයි නැත්තේ? නාට්‍ය විකාශය සඳහා ජනප්‍රියම කාර්ය බහුල වෙලාව රාත්‍රී 8.30. මේ වේලාව ප්‍රතිභාපූර්ණ කලාකරුවන්ගේ නිෂ්පාදන විකාශය කිරීමට තීන්දුවක සිටියා. ඒත් දැන් ඒ තීන්දුව ක්‍රියාත්මක වන්නේ නෑ

ඇයි ඒ? ප්‍රධාන නීයන් යහන්ගත නොවන නිසාද?
එක්තරා පදනමකට රු. 50,000ක් තැන්පත් කරන්න ඕනෑ. අපේ නිෂ්පාදකයෝ අව්ව වැස්ස නොබලා, රෑ දවල් නොබලා අධික වියදමක් දරාගන ටෙලිනාට්‍ය නිෂ්පාදනය කරලා කප්පම් ගෙවන්නත් ඕනෑ ද? අනික ටෙලිනාට්‍යයක ප්‍රධාන නිළිය මේ පුද්ගලයා එක්ක යහන්ගතවීම ප්‍රතික්ෂේප කිරීම නිසා රුසියානු ගණිකාවන් දෙන්නෙක් දෙන්න සිද්ධ වුණා.

තව කරුණක් කියන්නම්, එක් නිෂ්පාදකයෙක් ලක්ෂ 8ක් ඔහුගේ ගිණුමට දැම්මා. ඒත් මාස 6ක් යනතුරුත් නාට්‍ය විකාශය වුණේ නෑ. නිෂ්පාදකයා ඒකට ගෝරි දැම්මා. අර පුද්ගලයා ලක්ෂ 8 ආපහු දුන්නා.

-සම්බන්ධිත පුවත්-
ටෙලි පෙන්වන්න ප්‍රධාන නිළියගෙන් කම්සැප ඉල්ලන ඇමති කවුද?


IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment