දෙහිවල ගැහැණු ඇනකොන්ඩා සිය සහයකයා ගිලී

දෙහිවල සත්වෝද්‍යානයේ උරඟ උයනේ සිටි ගැහැණු ඇණකොන්ඩාවා ඇයගේ සහයකා ලෙසින් සිටි පිරිමි ඇනකොන්ඩාව ඊයේ (18) දිනයේදී ආහාරයට ගෙන ඇත. 2004වසරේ දෙහිවල සත්වෝද්‍යානයට මෙම ඇණකොන්ඩා යුවල ගෙන ආ අතර උන්ගෙන් බෝවූ පැටවුන් රැසක්ම මේවනවිට දෙහිවල සත්වෝද්‍යානයේ සිටී. 

ගැහැණු ඇනකොන්ඩා ව විසින් සිය සහයකයා ගිල ගැනීම (cannibalism) දක්නට ලැබෙනුයේ ගැහැණු ඇනකොන්ඩාවන් අතර පමණි. උන් ආහාරයට ගන්නේ පිරිමි ඇනකොන්ඩාවන් ද පමණක් වීම විශේෂයකි. 

සාමන්‍යයෙන් පිරිමි ඇනකොන්ඩා වට වඩා ගැහැණු ඇනකොන්ඩා ප්‍රමාණයෙන් විශාලය. ගැහැණු ඇනකොන්ඩා විසින් සහයකයා ගිල දැමීම සිදුවන්නේ කොල ඇනකොන්ඩා (Eunectes murinus) වර්ගය අතරය. 

ඇනකොන්ඩා පිරිමි සතෙකු ගැහැණු ඇනකොන්ඩාවෙක් සොයාගන්නේද ඉතා අමාරුවෙනි. මන්ද එකම ගැහැණු සතාට පිරිමි සතුන් කිහිපදෙනෙකුම ඉව අල්ලන නිසාවෙනි. මේ හේතුවෙන් ප්‍රජනනය සඳහා තෝරාගත් ගැහැණු සතා, පිරිමි සතා විසින් සම්පුර්ණයෙන් ඇඟ වටා වෙලාගෙන සති හතරක පමණ කාලයක් ගතකරනු ලබයි. 

ඉන් අනතුරුව ගැබ්බර වූ ගැහැණු සතා මාස හතක් පමණ ආහාර නොගෙන සිටින අතර එම කාලයේ පැවැත්ම උදෙසා සිය පිරිමි සතා භක්ෂණය කිරීමට පුරුදුව සිටී. දෙහිවල සත්ව උද්‍යානයේ සිටි ඇනකොන්ඩා යුවලේ පිරිමි සතාට වුයේ එම ඉරණමය. 

මෙම ඇණකොන්ඩාවන් යුවල කුටියෙන් වෙන් කොට තබන ලෙස කීප විටක්ම වෛද්‍යවරු පාලනාධිකාරියට දැනුම් දී ඇතත් අදාළ පාලනාධිකාරිය ඒ පිලිබඳ සොයා නොබැලීම හේතුවෙන් මෙම තත්වය ඇතිවී ඇත.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment