සලාකා කැසිනෝවේ මුදල් ආයෝජනය කල ඇමති බිරිඳ අනාතයි!

කොළඹ පුරහල අසල පවත්වාගෙන ගිය "සලාකා රෙජිනෝ" නම් සූදු පොළ වැටලු පෝල්ස් නිලධාරීන් 23 දෙනෙකු රාජ්‍යය ආරක්ෂාව පිලිබඳ මාධ්‍යය මධ්‍යස්ථානයේ ඉහල නිලධාරියෙකු විසින් ස්ථාන මාරුවීම් ලබාදීම පසුගිය කාලයේ ආන්දෝලනාත්මක කතිකාවතක් ඇති කළේය.

එම මාරුව පිටුපස ඇති අනියම් පෙම් සම්බන්ධතා ද කරලියට පැමිණියේ ඉන් අනතුරුවය.

සලකා රෙජිනෝ සූදු පොලෙහි හිමිකාරිත්වය ඇත්තේ ගාමිණි නෙත්තිකුමාර ගේ නෑනා සහ ඔහුගේ බිරිඳ වන සුධර්මා නෙත්තිකුමාර සතුවය. ගාමිණි නෙත්තිකුමාර පවසන පරිදි ඔහු කැසිනෝවට දායක වී නැත.


කෝටිපතියෙකු වූ සලාකා ව්‍යාපාර හිමිකරු වූ ගාමිණි නෙත්තිකුමාර ගෙන් කැබිනට් ආමත්‍යවරුන් 12 දෙනෙකුම මුදල් පොලියට ගෙන ඇත. ඒ ඔවුන්ගේ විවිධ අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහාය.

මෙයට අමතරව සුධර්මා නෙත්තිකුමාරද විවිධ දේශපාලඥයන්, සමාජයේ කැපී පෙනෙන චරිත සඳහා මුදල් පොලියට ලබා දීමේ කටයුත්තේ නිරතවී සිට ඇත. කෙසේ නමුත් සලාකා රෙජිනෝ කැසිනෝව අවසා දැමීමෙන් වඩාත්ම පාඩු සිදුවී ඇත්තේ කැබිනට් අමාත්‍යවරයෙකුගේ බිරිඳටය.

සුධර්මා නෙත්තිකුමාරගේ යෙහෙළියක වූ ඇය සලාකා රෙජිනෝ සූදු පොලෙහි මිලියන එකසිය පනහක් ආයෝජනය කර ඇත්තේ ප්‍රතිලාභ බලාපොරොත්තුවෙනි. සලාකා කැසිනෝව සුධර්මා සහ ඇයගේ අනියම් ප්‍රේම සම්බන්ධතාව හේතුවෙන් වඩාත් සුරක්ෂිත ආයෝජනයක් ලෙස දුටු ඇමති බිරිඳ එහි මුදල් ආයෝජනය කොට ඇත්තේ කැබිනට් ආමාත්‍ය සිය සැමියා ගෙන් ද නොවිමසාය.

කෙසේ නමුත් මෙම මුදල් ආයෝජනය කිරීම වෙනුවෙන් ඇයට කිසිදු රිසිට් පතක් වත් හිමිවී නොමැති අතර ප්‍රතිලාභ පමණක් ගෙවන බවට පොරොන්දු වී ඇත. සලාකා රෙජිනොව වැසී යාමත් සමග ඇයගේ මුදල්ද වතුරේ ගොස් ඇත. රිසිට්පතක් හෝ නොමැති හෙයින් එම මුදල් ආපසු ගැනීමට නොහැකි අතර සිය සැමියාගේ අකැමත්ත මත මුදල් ආයෝජනය කල හෙයින් කැබිනට් ඇමැතිවරයාද මේ පිළිබඳව කතා කිරීමට ඉදිරිපත් වී නැත.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment