බිරිඳගේ කන්‍යා භාවය නැතැයි කී ස්වාමියාට කස පහර 20ක්

සෞදි අරාබියේ පුද්ගලයෙකු විසින් තම අලුත් බිරිඳගේ කන්‍යා භාව නොමැති යැයි පවසමින් ඇයගේ දෙමාපියන් හා පවුලේ වැඩිමල් පුද්ගලයන් ඉදිරියේ බැන වැදී තිබෙනවා

ඒ ඇය තමන් හා විවාහ වීමට පෙර වෙනත් අයෙකු හා විවාහ වී ඇති බව පවසමින්.

පසුව එයට විරුද්ධව එම කාන්තාව විසින් කර ඇත්තේ තමා මීට පෙර විවාහ වී නොමැති බව පවසමින් උසාවි යෑමයි


ස්වාමියාට තම චෝදනාව ඔප්පු කරගැනීමට එහිදී නොහැකි වී තිබෙන අතර අනතුරුව පසුගියදා මක්කා හි දිස්ත්‍රික් අධිකරඅය නියෝග කර ඇත්තේ අසත්‍ය චෝදනා එල්ල කල එම යේමන් ජාතික ස්වාමියාට කස පහර 20ක් ලබා දිය යුතු බවයි.

උපතේ සිට විවාහය දක්වා කාන්තාවන් කන්‍යාවියන් වන බව අරාබි ලෝකයේ විශ්වාසයයි.

මේ අතර බිරිඳක් විසින් ස්වාමියාට හොරෙන් තම මධුසමය වීඩියෝ කළ පුවතක් පසුගිය මාසයේ සෞදි අරාබියෙන් වාර්තා වුණා.

දෙදෙනා හෝටලයෙන් පිටව ගොස් ඇති නමුත් තමන් රහසේ සවි කළ වීඩියෝ කැමරාව රැගෙනයාමට ඇයට අමතක වී තිබෙන අතර පැයක කාලයක් පුරා පටිගතවී තිබූ සිදුවීම් හෝටලයේ සේවකයන් අතට පත්වී තිබෙනවා.

පසුව ඔවුන් එය අන්තරජාලයට මුදා හැර තිබූ අතර ස්වාමියා විසින් කළ පැමිණිල්ලකින් පසු පැයක් ඇතුලත හෝටල් සේවකයන් අත් අඩංගුවට ගෙන තිබුණා.

පසුව බිරිඳගෙන් දික්කසාද වී ඇයට නඩු පවරන බවයි ඔහු පවසා තිබුණේ.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment