රෝසිව ඉස්සුවේ අමල් ද?

පසුගිය 15 වනදා සවස 6.30ට පමණ කොස්ගොඩ කැස්බෑ පර්යේෂණායතනයේ දොරවල් වැසීමෙන් පසු ඊයේ (16) උදෑසන 6.00ට පමණ එය නැවත විවෘත කිරීමේ දී එහි සිටි අතිශය දුර්ලභ සූදු කැස්බෑවා සොරකම් කර තිබූ බවත් කැස්බෑ පර්යේෂණායතනයේ භාරකරු බි.එච්. දමින්ද මහතා කොස්ගොඩ ‍පොලිසියට පැමිණිලි කර තිබේ. 

වයස අවුරුදු 5ක් වන මෙම කැස්බෑවා දිගින් අඩි 2ක් පමණ වන බවත් බර කිලෝ ග්‍රෑම් 9.5ක් පමණ වේ. මෙම කැස්බෑවාගේ ඇති විශේෂත්වය වන්නේ මෙම කැස්බෑවා "ඇලි" කැස්බෑවෙකු වීමයි. සාමන්‍යය කැස්බෑවුන් දසදහසකට එකක් පමණ මෙවන් ඇලි කැස්බෑවුන් බිහිවේ. 

ජාන විකෘති වීමෙන් සතුන්ගේ "ඇලි" තත්ත්වය ඇතිවන අතර එමගින් මෙලනින් වර්ණකය ශරීරයෙන් ඈත් වී ඇස් රෝස පැහැ ගැන්වීම සිදුවේ. මෙම කැස්බෑවාට එහි හිමිකරුවා නම් තබා ඇත්තේ "රෝසි" යනුවෙනි. 

2007 වසරේ කැස්බෑ මධ්‍යස්ථානයේ හිමිකරු වන කේ. චන්ද්‍රසිරි ආබ්‍රෙව් මහතාට මෙම කැස්බෑවා හමුවී ඇතිඅතර එදා පටන් කැස්බෑවා මිලදී ගැනීමට පුද්ගලයන් 200 දෙනෙකු පමණ පැමිණියත් ඔහු කැස්බෑවා රැකගෙන ඇත්තේ සිය දරුවෙකු මෙනි. 

මීට මාස තුනකට පෙර ප්‍රසිද්ධ ගායක අමල් පෙරේරා පැමිණ එම ඇලි කැස්බෑවා කෝටි තුනහමාරකට තමාට විකුණන ලෙසින් ඉල්ලා ඇත. එහිදී එහි හිමිකරු අමල් වෙත එම සතා විකිණීම ප්‍රතික්ෂේපකොට ඇත. 

ඉන්පසු දෙවතාවක් පමණ ඇති අමල් තමා කැස්බෑවා ඉල්ලන්නේ එය සිංගප්පුරුවේ හා මාලදිවයිනේ ඇති "වයිටින් කැස්බෑවා" නම් හෝටලය මගින් සිදුකල ඉල්ලීමක් නිසාවෙන් බවත් ඕනෑම මුදලක් සතා වෙනුවෙන් පිරිනැමිය හැකි බවත්ය. 

එයද එහි හිමිකරු ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව අමල් පෙරේරා එහි හිමිකරු සමග අමනාප වී ඇත. කෙසේ නමුත් උත්සාහය ඇත නොහල අමල් විසින් තවත් තැරව් කරුවන් කිහිපදෙනෙක් එම ස්ථානයට යවා ඇත්තේ ඔවුන් ලවා හෝ කැස්බෑවා මිලදී ගැනීමේ අරමුණෙනි. 

නමුත් එයද සඵල වී නැහැ. අමල් ගේ මෙම හැසිරීම සහ කැස්බෑවා ගේ සොරකම අතර සම්බන්ධයක් ඇත්දැයි සෙවීම සඳහා ඔහුට හෙට උදෑසන 9:00 වන විට කොස්ගොඩ පොලිසියේ පෙනී සිටින මෙන් අමල් පෙරේරාට පොලිසිය මගින් දැන්වීමක් සිදුකොට ඇත.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment