අයි.සී.සී. මුලස්ථානය ශ්‍රී ලංකාවට

අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනයේ මුලස්ථානය වශයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය යොදාගැනීම අවසන් කිරීමට ගෙන ඇති තීරණයත් සමගින් ඒ සඳහා ශ්‍රී ලංකාවේ ඉඩ කඩ ලබා දීමේ රජයේ සූදානමක් පිලිබඳ වාර්තාවනවා. 

පසුගියදා ඉදිරිපත්වුණු ආණ්ඩුවේ නවවන අයවැය ලේඛනයේ 49 වන කාණ්ඩයේ යෝජනාවන්ට අනුව "ජාත්‍යන්තර ක්‍රීඩා ආයතන වල ප්‍රධාන කාර්යාල හෝ කළාපෙය මධ්‍යස්ථාන ශ්‍රී ලංකාවේ ඉදි කිරීම සඳහා අවශ්‍යය බදු සහන සහ අනෙකුත් දිරිගැන්වීම් ලබාදීම" ඇතුලත්ව තිබුණි. 

එහිදී මුදල් අමාත්‍ය ජනපතිවරයා විසින් මෙහිදී එම ඛණ්ඩයෙන් අරුත් ගන්වා තිබුනේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අයි.සී.සී. මුලස්ථානය ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාවට ගෙන ඒම පිලිබඳ සිදුකල ප්‍රකාශයන්ට අවසර ලබාදීමකි. 

මේවනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුල මේ පිලිබඳ සාකච්චා ආරම්භකර ඇතිඅතර තවත් මාස තුනක් ඉක්මයාමට මත්තෙන් අයි.සී.සී. මුලස්ථානය සිය මුලස්ථානය වෙනස් කිරීමට කටයුතු සුදානම් කරන අතරතුරේ ලංකාවේ මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය. 

පසුගිය කාලයේ පළවූ වාර්තාවන්ට අනුව ඉන්දියාව, පකිස්තානය, බංගලාදේශය වැනි රටවලට පහසුවෙන් යාහැකි සේ කේන්ද්‍රස්ථානයක් ලෙස ලංකාව භාවිතා කළහැකි බැවින් අයි.සී.සී ආයතනයේද ප්‍රසාදය ලංකාවට හිමිව ඇත.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment