හෙට සිට අළුත් වන දේවල් මෙන්න

ජංගම දුරකථනබද්ද 5% කින් ඉහලට
සියලුම ජංගම හා ස්ථාවර දුරකථන ඇමතුම් ගාස්තුව හෙට(01) සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 5කින් වැඩිවනු ඇත. මෙසේ සියයට පහකින් විදුලි සංදේශන නියාමන බද්ද වැඩි වන්නේ 2014 ඉදිරිපත් කරනු ලැබූ අයවැය යෝජනාවකට අනුවය.

සියලුම දුරකථනවලින් ලබාගන්නා ඇමතුම් වෙනුවෙන් නව ගාස්තු වැඩිවීම සිදුවන අතර ඒ අනුව ලබාගන්නා සම්පූර්ණ ඇමතුම් කාලය වෙනුවෙන් සියයට 25ක ගාස්තුවක් අයකර ගැනේ.


දුරකථන ඇමතුම් සඳහා තිබුණු විවිධ බඩු එකතුකොට 2011 වසරේදී එය විදුලි සංදේශන බද්ද නමින් තනි බද්දක් ලෙස ඉදිරිපත් වුන අතර 2011 සිට 2013 වසර වන තෙක් එම බද්ද 20% ක්ව පැවතුනි.

අන්තර්ජාල සම්බන්ධතා සඳහා බද්ද 10% ක් ලෙස පැවතුනි. 2014 වසරේ සිට දුරකථන ඇමතුම් සඳහා වන බද්ද පමණක් 20% සිට 25% දක්වා ඉහල යාමට නියමිතය.

එසේ වැඩිවන ගාස්තු තුලින් මිලියන 400 ක් ඉපයීමට රජය බලාපොරොත්තු වේ. සාමන්‍යය ජංගම දුරකථන සම්බන්ධතාවයක එක් දුරකථන ජාලයක් සිට තවත් දුඅරකතන ජාලයකට විනාඩියක් ඇමතීමේදී රුපියල් දෙකක් අයවූ අතර බදු සමග රුපියල් දෙකයි සත හතළිහක් අයවිය. හෙට සිට බදු වැඩිවීමෙන් අනතුරුව එය දෙකයි සත පනහක් දක්වා ඉහල යනු ඇත


ධීවරයන්ට ආරක්‍ෂිත කබා අනිවාර්ය කෙරේ
ධීවර කටයුතුවලදී මුහුදු යෑමේ දී ආරක්‍ෂිත කබා පැලද ගමන් කිරීමේ නීතිය අනිවාර්ය කර ඇත.

කිරිපිටි ගබඩා තහනම්
හෙට (01) වනදා සිට ක‍්‍රියාත්මක වන පරිදි සියලු ම කිරිපිටි ආනයනකරුවන්, නිෂ්පාදකයින් හා බෙදාහරින්නන් විසින් යම් ගබඩාවක්, ගුදමක් හෝ එවන් කිසිදු ස්ථානයක් පවත්වාගෙන යන්නේ නම් වහාම පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි විය යුතුය. 

ලංගම හා පෞද්ගලික බස් ඒකාබද්ධ කාලසටහනක් යටතට
ලංගම හා පෞද්ගලික බස් රථ සියල්ල ඒකාබද්ධ කාලසටහනක් යටතේ හෙට සිට ධාවනය වීමට නියමිතය. මේ වන විට 70%ක් පමණ බස් රථ සේවා ඒකාබද්ධ කර ඇත. ඒකාබද්ධ ගමන් වාර සකසන්නේ ලංගමට 40%ක් හා පෞද්ගලික බස් රථ සඳහා 60%ක් වන පරිදි වේ. 

පෙට්‍රල් 90 ඔක්ටේන් වෙනුවට 92 ඔක්ටේන් පෙට්‍රල්
ලංකා පෙට්‍රල් 90 ඔක්ටේන් වෙනුවට ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලබන ජනවාරි 01 වෙළද පොළට හදුන්වා දීමට නියමිතය. වෙළඳපොලේ ඔක්ටේන් 92 මිලදී ගැනීමට පහසු හෙයින් මෙම තීරණය ගෙන ඇත

ජාතික ගුවන් විදුලියෙන් කර්තෘ භාගය
ජාතික ගුවන් විදුලියෙන් ප්‍රචාරය කරන ගීත සඳහා ගායක ගායිකාවන්ට, ගීත රචකයන්ට සහ සංගීතවේදියාට කර්තෘ භාගය ගෙවීම හෙට සිට ක්‍රියාත්මක වේ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ගුවන් විදුලි සභාපති හඩ්සන් සමරසිංහ මහතාට දී ඇති උපදෙස් අනුව මෙය ක්‍රියාත්මක වේ. 

දිවි නැගුම දෙපාර්තමේන්තුවක් වේ
පවුල් ලක්ෂ 18ක ජනතාවගේ ජීවන තත්ත්වය වඩාත් සවිමත් කරමින් ලක්ෂ 50ක ජනතාවට සෙත සලසන දිවි නැගුම දෙපාර්තෙම්න්තුව ලබන ජනවාරි මස සිට ක්‍රියාත්මක කෙරෙන බව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.


IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment