ශී‍්‍ර ලංකාව තරගාවලිය සමකරයි Sri Lanka Draw a Series With D/L Win

රංගිරි දඹුල්ල කී‍්‍රඩාංගණයේදී අද (16 ) පැවැති තුන්වැනි හා අවසන් එක්දින තරගයේදී ඩක්වර්ත් ලූවිස් න්‍යාය අනුව ලකුණු 36 ක ජයක් ලබාගත් ශී‍්‍ර ලංකාව තරග තුනකින් සමන්විත තරගාවලිය 1-1 ක් ලෙසින් සම කළේය. මෙම ජයග්‍රහණයේ වාසිය අනුව අන්තර්ජාතික එක්දින කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම් අතරේ තවදුරටත් අංක 4 ස්ථානය රැදීමට ශ්‍රී ලංකාවට අවස්ථාව ලැබිනි. 

මෙම තරඟ 3 ටම වර්ෂාවෙන් බාධා එල්ලවීම විශේෂ සිද්ධියක් විය. අද තරඟයටද වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා අවස්ථා දෙකකදී පන්දු වාර සංඛ්‍යාව සීමා කිරීමට විනිසුරුවරුන්ට සිදු විය. එක් පිලකට පන්දු වාර 33 බැගින් හිමිවූ අතර මුලින්ම පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 33 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 211 ක් රැස් කිරීමට සමත් විය. 

පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවට පහරදෙමින් සිටියදී 26 වන පන්දු වාරයේදී තරඟයට යළිත් වර්ෂාවෙන් බාධා එල්ල විය. ඒ වනවිට ඔවුන් කඩුලූ 6 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 126 කි. ඒ අනුව ඩක්වර්ත් ලූවිස් න්‍යාය මත මෙම තරඟයේ ජයග්‍රහණය තීරණය විය. 

තිලකරත්න ඩිල්ෂාන් සහ මහේල ජයවර්ධන දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 91 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ අතර ඩිල්ෂාන් මෙම තරගාවලියේදී පිට පිටම ලබාගත් තුන්වැනි අර්ධ ශතකය සම්පූර්ණ කළේය. 

 ඩිල්ෂාන් මෙහිදි ලකුණු 53ක් ලබාගත් අතර ඒ අනුව ඔහුට මෙම වසරේදී ලකුණු 1000 සීමාවට ලගා වීමට තවත් අවශ්‍ය ඇත්තේ ලකුණු 22 ක් පමණි. කි‍්‍රකට් පොතේ නැති අපූරු පහර කිහිපයකින් නරඹන්නන් පිනවූ මහේල ජයවර්ධන පන්දු 46 කදී ලකුණු 46 ක් ලබාගත්තේ හතරේ පහර 8 ක් සමගය.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment