අදත් තද වැසී

අදත් තද වැසී


අද (03) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.




උතුරු, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඒ අනුව වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ .ඇතැම් ප්‍රදේශවලට මි .මි 100 පමණ තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරනේ.


දිවයින ආශ‍්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි සහගත තත්වය හේතුවෙන් වැසි සහිත කාළගුණ තත්වය වර්ධනය වෙමින් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.



Post a Comment