හිස බූ ගෑ හිටපු ඇමරිකානු ජනපති

ඇමරිකානු හිටපු ජනපති ජොර්ජ් එච්.ඩබ්. බුෂ් (ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ පියා) දැන් 89 වන වියේ පසුවේ. ඔහුගේ නම නැවත කියැවුනේ ඔහු ජනපති වශයෙන් සේවය කළ වකවානුවේ ඔහුගේ කාර්ය මන්ඩල සාමාජිකයෙකු වශයෙන් සේවය කළ සමීප නිලධාරියෙකුගේ පුතෙකුට ලියුකේමියා රෝගය වැළඳී තිබීමෙන් ඒ වෙනුවෙන් අරමුදල් රැස්කිරීමේ ව්‍යාපෘතියකට දායක වූ නිසයි.

මේ සඳහා මාධ්‍ය අවධානය දිනා ගැනීමට හිටපු ඇමරිකානු වයෝවෘද්ධ ජනපතිවරයා එම කාර්ය මණ්ඩල සගයින්ද සමග එක්ව හිස බූ ගා පිළිකා අරමුදල ගැන දැනුවත් කරන ප්‍රචාරක ව්‍යාපාරය අරඹා ඇත. පැට්‍රික්නමැති දෙහැවිරිදි මේ සිගිත්තා තමාට පෙනෙන්නේ තම පළමු දියනිය වූ රොබින් මෙන් යයි ඔහු පවසා තිබිණ.

හිටපු ජනපතිවරයාගේ පළමු දරුවා වූ රොබින් මින් 60 වසරකට පෙර අවුරුදු 4 ක්ව තිබියදී ලියුකේමියා රෝගය නිසා මරු වැළඳ ගත්තේය. මේ සිද්ධිය නිසා බුෂ් සහ ඔහුගේ බිරිය අතිශය කම්පාවට පත්විය . ජෝර්ජ් බුෂ්ට පසුව ඔහුගේ නමින්ම ජනපති වූ පුතු ඇතුළු තවත් දරුවන් 5 දෙනෙකු සිටියේය.

මෙම පිළිකා අරමුදල සඳහා මෝටර් සයිකල් පැරඩ් එකක් අරඹා තිඛෙන බවත් බුෂ් හිටපු ජනපතිවරයා මාධ්‍යයට ප්‍රකාශ කළේය.


IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment