ලබන වසරේ සිට ඖෂධ අලෙවිය සම්බන්ධයෙන් පාලන මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.
එම මිල සුත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා එහි නිර්දේශ ඉදිරිපත් කිරීමට පංච පුද්ගලග කමිටුවක් පත් කර තිබේ. ඖෂධ සමාගම්වලට අවශ්‍ය පරිදි විවිධ මිල ගණන් යටතේ ඖෂධ අලෙවි කරමින් මහජනතාව සුරා කෑම ගැටළුකාරි තත්ත්වයක් බවට පත් වී තිබේ. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය හා පාරිභෝගික ආරක්ෂක අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා, සමුපකාර අභ්‍යාන්තර වෙලෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමඟ පැවැති සාකච්ඡාවේදී මෙම පංච පුද්ගල කමිටුව පත් කර තිබේ.
Post a Comment