පුණ්‍යා වූ පුණ්‍යවන්තිය සමඟ කතාබහක්
දිනපතා තිරයේ පෙනී සිටියද ප්‍රේක්‍ෂක මතකයේ රැඳෙන තාරකා ඉතාම දුලබයි. නිතර පෙනී නොසිටියද ප්‍රේක්‍ෂක සිත් තුළ සදා දිළෙන තාරකා ඊටත් වඩා දුලබයි. ඇය එවැනි වූ තාරකාවක්. පුංචි තිරයේ අහිංසකාවිය. ‘හිරු දහසක්’ නාට්‍යයෙන් කලා ලොවට පායා ආ ඇය රංගන ජීවිතයේ වේදිකාව, පුංචි තිරය, රිදී තිරය එකලෙස ප්‍රභාවත් කළ දිදුලන තාරුකාවක්. යශෝධා විමලධර්ම.
දූ දරුවෝ, සත්පුර වැසියෝ, සූරිය දරුවෝ, සතර දෙනෙක් සෙන්පතියෝ, කඩුල්ල, දඬුබස්නාමානය, අකාල සන්ධ්‍යා, සඳගිරි පව්ව වැනි ටෙලි සිත්තම්
තුළින් ඇය ඔබ හදවත් තුළ නොමැකෙන මතක සටහන් ඉතිරි කළ ආදරණීය රංගන ශිල්පිනිය. මාරුතය, දුවට මවක මිස, තීර්ථ යාත්‍රා, අග්නි දාහය, අනන්ත රාත්‍රිය, ගරිල්ලා මාර්කටිං වැනි සිනමා නිර්මාණ ඇයගේ සිනමා ගමන් මගේ සුවිශේෂ සංධිස්ථාන කිහිපයක්. ඇය අද ඒ ගමන් මගේ තවත් එක් සුවිශේෂ සංධිස්ථානයක් අබියස. ජයන්ත චන්ද්‍රසිරි ගේ ‘සමනල සංධ්වනිය’.
අපූරු ආදර අන්දරයක් ගෙන එන සමනල සංධ්වනිය තුළ යශෝධා පුණ්‍යා වන්නීය. ඒ වසර කිහිපයක් පැවැති තම නිහැ¼ඩියාව බිඳ දමමිනි. අද ඇය සරසවිය පිටු අතරට පැමිණෙන්නේද කලකිනි. නමුත් ඇය එදා සේම අදත් අපට ලෙංගතුය.
* යශෝධා දිගු නිහැඬියාවකට පසු නැවතත් ප්‍රේක්‍ෂකයන් හමුවට ඇවිත්?
ඇත්තෙන්ම සිනමාවට එක් වුණේ වසර කිහිපයකට පස්සෙ තමයි. සිනමාවට අවසන්වරට පැමිණියේ ජයන්ත අයියාගේ ගරිල්ලා මාර්කටිං චිත්‍රපටය තුළිනුයි. අද ඔහුගේම සමනල සංධ්වනියෙන් ආදරණීය පේ‍්‍රක්‍ෂකයන් හමුවට එන්න අවස්ථාව ලැබුණා. ගොඩක් සතුටුයි. සමනල සංධ්වනිය තිරගත වීම ආරම්භයක් සමඟ ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මෙය මගේ සිනමා දිවියේ සුවිශේෂ සංධිස්ථානයක්.
මේ දක්වා මගේ රංගන දිවියේ සුවිශේෂ කඩඉම් රැසක් පසු කළා. ඒ ගමනේ මේ අපූරු නිර්මාණය මගේ සිනමා ජීවිතයේ හැරවුම් ලක්‍ෂයක්.
* සමනල සංධ්වනිය හැඟීම්වලින් ප්‍රකාශය කෙරෙන අපූරු ආදර කතාවක්. ඔබ එහි කතා නායිකාව වන පුණ්‍යාට පණ පොවනවා. නමුත් යශෝධා විමලධර්ම විදියට ඔබ මේ චරිතය දකින්නේ කෙළෙසද?
සමනල සංධ්වනිය කියන්නේ මම හිතන විදියට දේශීය සිනමාවේ විශිෂ්ටතම නිර්මාණයක්. සැබෑ ආදර කතා අපි කොතෙකුත් දැකලා තිබුණත් ඒ සියල්ල අතර මෙය සුවිශේෂී වෙනවා. ඇත්තටම සමනල සංධ්වනිය තුළ තියෙන කතා පුවත කෙනෙකුට හරියටම විස්තර කරන්න අපහසුයි. මනුෂ්‍ය සිත් තුළ ඇතිවන හැඟීම් සමුදායක් ගැන තමයි මේ තුළින් කියවෙන්නේ. පුණ්‍යා සහ වාදීශ යන චරිත දෙක හරහා මේ හැඟීම් සමුදාය ප්‍රේක්‍ෂක සිත් තුළට මුදා හැරෙනවා. චිත්‍රපටය ආරම්භයේ සිටම ප්‍රේක්‍ෂක සිත ග්‍රහණය කරගන්නා පුණ්‍යා වගේම වාදීශත් ඒ බැඳීම නිර්මාණයේ අවසානය දක්වාම ගෙන යනවා.
ඒ වගේම මෙම නිර්මාණය යළිත් නැරඹීමේදී මමත් එහි සාමාන්‍ය ප්‍රේක්‍ෂකයකු බවට පත් වුණා කිව්වොත් නිවැරදියි. ඕනෑම රංගන ශිල්පියකුට හෝ ශිල්පිනියකට රංගනයෙන් පසුව යළි එම නිර්මාණය රසවිඳීමේදී යම් යම් අඩුපාඩු පෙනීම සාමාන්‍ය දෙයක්. නමුත් මෙම නිර්මාණය යළි රසවිඳීමේදී මම මගේ රංගනය තුළ එවැනි අඩු පාඩු දැක්කේ නැහැ. ඒ නිසාම මම ඒ ගැන ජයන්ත අයියගෙන් පවා විමසුවා. ඔහු පවසා සිටියේ, මේ නිර්මාණය තුළ ඔබ සම්පූර්ණයෙන්ම පුණ්‍යා වූ නිසාත් පෙර රංගනයක ඉරියව්වක්වත් ඉස්මතු නොවීම නිසාත් එලෙස හැඟෙන බවයි. පුණ්‍යා කියන්නේ මගේ රංගන ජීවිතය තුළ අලුත්ම චරිතයක්.
* පුණ්‍යා ආදරණීය හැඟීම් සමුදායක් තුරුලු කරගත් හැඟුම්බර චරිතයක්. ඇය සිය ආදරය සමඟ හුදකලාවම ජීවත් වෙනවා. යශෝධා ඔබත් එවැනිම චරිතයක්ද?
ආදරය කියන්නේ බොහොම සුන්දර දෙයක්. දෙදෙනෙක් අතරේ ආදරයක් ගොඩනැෙඟන්නේ සංසාරේ පතාගෙන ආ විදියට යි. සංසාරේ පතාගෙන ආ විදියටයි හැම දේම සිද්ධ වෙන්නේ. උදාහරණයක් විදියට කුඩා කල කලා කටයුතුවලට කිසිම උනන්දුවක් නොවුණ මම අද රංගන ශිල්පිනියක්. මගේ පියාගේ උනන්දුව මතයි එය සිදු වුණේ. ඔහුගේ සිහිනය තුළ මා රංගන ශිල්පිනියක වුණා. එදා සිට අද දක්වා වසර විසි හතක් මම මේ ගමන ආවේ සංසාර පුරුද්දට. මගේ ආදරය, විවාහයත් එහෙමයි. විවාහය ගැන පෙර නිගමනයකට එන්න අපහසුයි. සැබෑ ජීවිතයේ මට සුදුසු මා තේරුම් ගත් පුද්ගලයා තවම හමුවෙලා නැහැ.
* නැවතත් සමනල සංධ්වනිය ගැන කතා කළොත් පුණ්‍යා දිගු කාලයක් පුරා එහි ජීවත් වෙනවා. සුන්දර තාරුණ්‍යය ආරම්භයේ සිටම මැදි වියද ඉක්මවා යන තෙක් කාල පරාසයක් ඔබ එහි නිරූපණය කරනවා. පුණ්‍යාගේ චරිතය තුළ ඔබ මේ වෙනස ගලපා ගත්තේ කුමන ආකාරයෙන්ද?
ජයන්ත අයියා ගේ නිර්මාණ තුළ රංගන ශිල්පීන්ට සුවිශේෂ අවස්ථා හිමිවෙනවා. රූපණය කියන්නේ රංගන ශිල්පියෙක් විද්‍යාත්මකව හැදෑරිය යුතු කරුණක්. ජයන්ත අයියා සිය නිර්මාණ හරහා එය මනාව උගන්වමින් හැමෝම සමඟ එය බෙදා හදා ගන්නා කෙනෙක්. මමත් ඔහුගේ සුපුරුදු කණ්ඩායමේ සාමාජිකාවක්. අපි හැමෝම ඔහුගේ නිර්මාණ තුළින් මෙම සුවිශේෂ හැදෑරීම ප්‍රායෝගිකව ප්‍රගුණ කරමින් සිටිනවා. මේ නිර්මාණය තුළත් පුණ්‍යාගේ චරිතය සාර්ථක වන්නට හේතුව එයයි. ඇත්තටම රූපණය හැදෑරීමෙන් චරිතය නිරූපණය කිරීමට ඉතාම පහසුවක් ඇති වෙනවා. සමනල සංධ්වනිය කියන්නේ වෙනස්ම රිද්මයක් රැගත් චිත්‍රපටයක්. ජයන්ත අයියා මට මුලින්ම කිව්වේ නැවුම් මනසකින් දර්ශන තලයට එන්න කියලා. නැවුම් නිදහස් මනස මේ චරිතයේ තරුණ වියේ සිට මහලු විය දක්වා වූ වෙනස ඉතා හොඳින් සාර්ථක ලෙස නිරූපණයට ඉවහල් වුණා. ඒ වෙනස මගේ හිතට හොඳින් කා වැදුනා. ඒ වගේම රංගන විධික්‍රම හොඳින් භාවිත කළා. මේ සියලු කරුණු නිසා පුණ්‍යා කියන චරිතය ප්‍රේක්‍ෂක සිත් තුළට හොඳින් ඇතුළත් වෙලා තියෙනවා. තවත් විශේෂයක් නම් මේ තුළ මා කළින් නිරූපණය කළ කිසිදු චරිතයක ඉරියව්වක් හෝ යශෝධා විමලධර්ම ලෙස මගේ ස්වභාවික ඉරියව්වක් හෝ ඇතුළත් වෙලා නැහැ. ඒ තුළ සමනල සංධ්වනියේ පුණ්‍යාගේ චරිතයේ විවිධ කාල පරාසයන් ඉතා සාර්ථකව ගෙන එන්න හැකියාව ලැබුණා.
* මෙහිදී පුණ්‍යාගේ කතා පුවත සමඟින් මුසු වන සෙසු චරිතයන් හි සුවිශේෂතා වගේම ඔවුන් සමඟ රංගනය ඔබට දැණුනේ කුමන ආකාරයෙන්ද?
මේ නිර්මාණය සඳහා දායක වූ ශිල්පීන් සියලු දෙනාම සුවිශේෂ අය. විශේෂයෙන්ම වාදීශ ගේ තරුණ විය ගෙන එන සූර්යා දයාරුවන් සංගීත ඥානය මැනවින් තියෙන දරුවෙක්. ජයන්ත අයියාට ඔහු සොයා ගැනීමට වසරක පමණ කාලයක් ගත වුණා. මෙවැනි නිර්මාණයක දී වයලින් වාදනය වැනි දේ විශේෂයෙන් පුරුදු පුහුණුකර නිර්මාණයට යොදා ගැනීම අසීරු කටයුත්තක්. එසේ කළත් එය එතරම් සාර්ථක වේ යැයි මම හිතන්නේ නැහැ. සූර්යා ඒ හැකියාව උපතින් උරුම කරගත් දරුවෙක්. ඒ වුණාට ඔහු කැමරාවක් ඉදිරියේ කුමක් වෙනවද කියා දැනගෙන හිටියෙ නැහැ. ඒ අංශයෙන් ඔහු ඉතාම නැවුම්. නමුත් ජයන්ත අයියාගේ ගුරුහරුකම් යටතේ සූර්යා ප්‍රශංසනීය රංගනයක් ඉදිරිපත් කළා කියන්න පුළුවන්. ඒ වගේම තමයි වාදීශ ගේ වැඩිහිටි කාලය නිරූපණය කරන උද්දික ප්‍රේමරත්න. සිනමාව තුළ නවකයෙක් විදියට උද්දික ඉතා උසස් මට්ටමකින් සිය රංගනය ඉදිරිපත් කළා. උද්දික කියන්නේ මම මෑතකදී දුටු ඉතාම කැපවීමෙන් කටයුතු කරන තම හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගත් රංගන ශිල්පියෙක්. සමනල සංධ්වනිය තුළ ඔහුගේ රංගනයේ සාර්ථකත්වය නොවන්නට එය බිඳවැටෙන්න පවා ඉඩ තිබුණා. ඇත්තටම නවකයන් වුණත් ජයන්ත අයියා ඔවුන් හැසිර වූ ආකාරය අනුව රංගනයට පහසු වුණා.
* ජයන්ත චන්ද්‍රසිරි සිංහල සිනමාවට සුවිශේෂ වූ නිර්මාණ දායාද කළ අධ්‍යක්‍ෂවරයෙක්. ඔබත් එම නිර්මාණ තුළ ඔහු යටතේ අධ්‍යක්‍ෂණය වුණා. එහි යම් විශේෂත්වයක් ඔබ දකිනවාද?
මම රංගනයට අවතීර්ණ වුණේ බන්දුල විතානගේ ගේ ‘හිරු දහසක්’ නාට්‍යයෙන්. කිසි දිනෙක රංගනයට පිවිසෙන්නට බලාපොරොත්තුවක් නොවූ මට මගේ මුල්ම රංගනයෙන් ක්‍ෂේත්‍රයට පිවිසීම ගැන ආසාවක් ඇති වුණා. ඒ ගමනේ දී මම විවිධ අධ්‍යක්‍ෂවරුන් යටතේ විවිධ කලා නිර්මාණවලට දායක වුණා. මගේ ටෙලි නාට්‍ය ජීවිතයේදිත් පරාක්‍රම නිරිඇල්ල, ධර්මසේන පතිරාජ, තිස්ස අබේසේකර වැනි ප්‍රවීණ නිර්මාණ කරුවන්ගේ නිර්මාණවලට දායක වෙන්න අවස්ථාව ලැබුණා. සිනමා ජීවිතයේදී සුමිත්‍රා පීරිස්, වසන්ත ඔබේසේකර, විජය ධර්ම ශ්‍රී වැනි ප්‍රවීණයන් රැසක් සමඟ වැඩ කටයුතු කරලා තියෙනවා. ජයන්ත අයියාගේ නිර්මාණ අතර අග්නි දාහය, සහ ගරිල්ලා මර්කටිං චිත්‍රපටවලට එක් වෙන්න අවස්ථාව ලැබුණා. එහිදී ඔහු තුළ ඇති සුවිශේෂත්වය ලෙස මා දකින්නේ නිරූපණය හැදෑරීමයි. නිර්මාණ කරුවෙක් හා සමානව ඔහු ඇක්ටර් ට්‍රේනර් කෙනෙක්. හැම ක්‍රීඩකයකුටම පුහුණු කරුවෙක් සිටිනවා වගේම බටහිර රංගන ශිල්පීන්ටත් පුහුණු කරුවෙක් ඉන්නවා. ජයන්ත අයියාත්. අපේ රටේ හොඳ ඇක්ටර් ට්‍රේනර් කෙනෙක්.
ඔහු ඇමෙරිකාවෙදි ඒ පිළිබඳ හදාරා තම නිර්මාණ හරහා එය ක්‍රියාවට නංවන්නෙක්. ඒ තුළින් ඔහුට ප්‍රවීණ, නවක වගේම කිසි දිනෙක කැමැරාවක් ඉදිරියේ පෙනී නොසිටි අයෙකුගේ පවා සාර්ථක රංගනයක් එළියට ගැනීමේ හැකියාව තියෙනවා. ඇත්තටම ඔහුගේ නිර්මාණයකට දායක වී අවසානයේදී රංගන පාසලකට ඇතුළත් වී පිට වුණා වැනි හැඟීමක් ඇති වෙනවා.
* කලා ක්‍ෂේත්‍රය තුළ එදා මෙදා තුර එකලෙස ජනපි‍්‍රයතවයක් හිමිකර ගෙන හිටියත් ඔබ දැන් නිර්මාණ සඳහා දායක වෙන්නේ ඉතා අඩුවෙන් බවයි මට හැඟෙන්නේ?
දැන් ටෙලි නාට්‍ය සඳහා දායක වීම ඉතාම අවම වෙලා තියෙනවා. රඟපාන්න නම් කැමැතියි. ඒ වුණාට අද හරවත් නිර්මාණ බිහි නොවීම තමයි ගැටලුවකට තියෙන්නේ. දැන් බොහෝ නිර්මාණ බිහි වෙන්නේ පිටපත් රහිතව. මම පුරුදු වෙලා හිටියේ තිර පිටපත සමඟ අධ්‍යක්‍ෂවරයා, තිර රචකයා සමඟ කතා කරලා චරිතය ගොඩනඟා ගන්න. අද එවැනි නිර්මාණ බිහි වෙනවා අඩුයි. මෙවැනි තත්ත්වයක් මත සුපුරුදු හැකියාවන් දස්කම් ප්‍රේක්‍ෂකයන් වෙත ගෙන යන්න අපහසුයි. ඒ නිසා තරමක් පුංචි තිරයෙන් ඈත් වෙන්න සිදු වෙලා තියෙනවා. නමුත් ඉඳ හිට හෝ සිනමා නිර්මාණයක් තුළින් සාර්ථක රංගනයක් ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙනවා.
* මෙවැනි තත්ත්වයක් මත ඔබ රංගනයෙන් දුරස් වේවිද?
කොහොමත් පසුගිය කාලයේ මම තරමක් නිහඬව සිටියේ. ඒ අතර නාලන් මෙන්ඩිස් මහත්මයාගේ ‘දූවරු’ ටෙලි නාට්‍යයට ආරාධනා ලැබුණා. මේ දිනවල සමනල සංධ්වනිය තිරගත වෙනවා. රූපවාහිනිය තුළ නම් දැනට ඉදිරි නිර්මාණ භාර අරගෙන නැහැ. සිනමාව තුළ තවත් අලුත් බලාපොරොත්තුවක් තියෙනවා. ඒ සුමිත්‍රා පීරිස් මහත්මියගේ ‘වෛෂ්ණාවී’ චිත්‍රපටය යි. අපේ සිනමාවේ මවු පියන් වගේ ඉන්න ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සහ සුමිත්‍රා පීරිස් මහත්මිය යටතේ රඟපාන්න ලැබීම ලොකු භාග්‍යයක්. මීට පෙර මම සුමිත්‍රා පීරිස් මහත්මියගේ ‘දුවට මවක මිස’ චිත්‍රපටයට දායක වුණා. මෙය දෙවැනි අවස්ථාවයි. ලබන වසරේදී එහි ප්‍රතිචාර පිළිබඳ විශාල බලාපොරොත්තුවකින් සිටිනවා.
යතේජා ඥානරත්න

Post a Comment