ෆේස්බුක් මිලියන 17 ක් බැලු තිදරු මව


මේ දිනවල ෆේස්බුක් එකේ වෛරසයක් මෙන් පැතිරෙන එක්තරා ඡායාරූපයක් ගැන කතාබහක් ඇතිව තිබෙනවා.

2003 බිකිනි කැලිපෝනියා රූප සුන්දරී තරගයේ කිරුළ දිනූ පිලිපීනයෙන් ඇමරිකාවට සංක්‍රමණය වූ මරියා කන්ග් මෙම ඡායාරූපයේ දරු තිදෙනා සමග පෙනී සිටිනවා.

තමන්ගේම බ්ලොග් අඩවියක් පවත්වා යන ඇගේ තුන්වෙනි දරුවාත් බිහි කළ පසු සිරුරේ හැඩය නොවෙනස්ව ආකර්ෂණීයව පවත්වා යාම් සම්බන්ධයෙන් උදම් අනමින් මෙම ඡායාරූපය පළකර තිබෙන අතර එහි මාතෘකාව ලෙස යොදා ඇත්තේ ඔබ ලබාදෙන සමාව කුමක්ද? ,"What's your excuse?", යන්නයි.

මෙම ඡායාරූපයට මේ වනවිට මිලියන 17 ක් පමණ නරඹා ඇති බවත් ලක්ෂ 2 ක් පමණ ලයික් කර ඇති බවත් කොමෙන්ටු 14000 ක් පමණ ලැබී ඇති බවත් වාර්තා වනවා.

දරුවන් සිටින මවක් මේ ආකාරයේ ඡායාරූපයකට පෙනී සිටීම නොගැළපෙන බවට බොහෝ කොමෙන්ටු වලින් විවේචනය වී තිබෙනවා.

Post a Comment