දැන් අවුරුදු 13 ඇච්චන්ටත් face book

නව යෞවනයින්ට පනවා ඇති කොන් දේසි ලිහිල් කිරීමට ෆේස් බුක් සමාජ වෙබ් පියවර ගෙන තිබෙන ආරංචියි.

ඒ අනුව සිය ඡායාරූප, අදහස් හෝ මතයක් ඕනෑම ෆේස් බුක් ගිණුම් හිමියකු අතර හුවමාරු කර ගැනීමට වයස අවුරුදු 13 ත් 17 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන්නන්ට ද අවස්ථාව උදාවී තිබෙනවා.

ෆේස් බුක් වෙබ් අඩවිය විශ්වාසය පල කරන්නේ එමගින් අනෙකුත් සමාජ වෙබ් අඩවි අභිබවා නැගී සිටීමට තමන්ට හැකිවනු ඇති බවයි.

මේ වනවිට ෆේස් බුක් සමාජ වෙබ් අඩවිය භාවිත කරන බිලියන 1.2 ක් පමණ ලොවපුරා විසිරී සිටිනවා.

එමෙන්ම ලොව පුරා ජීවත්වන නව යෞවනයන්ගෙන් සියයට 94 කටම ෆේස් බුක් ගිණුමක් පවතින බව හෙළිවී තිබෙනවා.

Post a Comment