ජාතික ඖෂධ නියාමන පනත සම්මතයි



ජාතික ඖෂධ පනත හෙවත් 'ඖෂධ නියාමන අධිකාරිය පිහිටුවීමේ පනත් කෙටුම්පත'වැඩි ඡන්ද 67 න් පාර්ලිමේන්තුවේදී සම්මතවී තිබේ.

පනතට එරෙහිව එක් ඡන්දයක් භාවිතා කර තිබුණු අතර එය ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්ව පසුව ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස ක්‍රියා කරන මේවන විට පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරන අජිත් කුමාර මන්ත්‍රීවරයා විසින් භාවිතා කරන ලදී.


ඉකුත් ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් කරන ලද දින සියයේ වැඩසටහනට ජාතික ඖෂධ පනතක් ගෙන ඒම යෝජනා කර තිබුණු අතර ඉකුත් පෙබරවාරි මස 06 වන දින පනත් කෙටුම්පත ගෙන ඒමටත්,මාර්තු 18 වන දින සම්මත කිරීමටත් යෝජිතව තිබිණි.


කෙසේ වෙතත් මෙම පනත් කෙටුම්පත මාර්තු මස 03 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර මාර්තු 04 වන දින ඒ පිළිබඳ විවාදය පවත්වා අද (06) සම්මත කරගැනීමට සමත්ව ඇත.



Post a Comment