මෛත්‍රීට වියට්නාම සංචාරයකටත් ආරාධනා


ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතා ශක්තිමත් කරගැනීමට අපේක්ෂා කරන බව වියට්නාමය පවසයි.


වියට්නාම තානාපති ෆාන් කියු තූ මහත්මිය ඊයේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර ඇත.


ශ්‍රී ලංකාවත් වියට්නාමයත් අතර පවතින අධ්‍යාපන, සංචාරක, සහ සමාජයීය සබඳතා වඩාත් ශක්තිමත් කරගැනීමට එම හමුවේදී සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.


මෙහිදී ජනාධිපතිවරයාට වියට්නාම රජයේ සුභපැතුම් පිරිනමා ඇති අතර එරට නිල සංචාරයක නිරත වන ලෙසටද ඇරයුම් ලැබී තිබේ.



Post a Comment