ළමුන් විභාග වලින් පමණක් නොව ජීවිතයෙන්ද ජයගත යුතුයි

විභාග වලින් සමත් වීම පමණක් නොව ජීවිතය සමත් වීමටද දරුවන් අධිෂ්ඨාන කරගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු පවසන්නේ විභාග ප්‍රතිඵල වලින් ලබන ශක්තිය ධෛර්යය හා මගපෙන්වීම ජීවිතය සමත් වීම සඳහා භාවිතයට ගත යුතු බවයි.


පසුගිය වසරේ පැවති උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසුන් පිරිසක් හමු වූ අවස්ථාවේදී ජනාධිපති වරයා මේ බව කියා සිටියේය.


එහිදී තවදුරටත් අදහස් දැක් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත්තේ තරඟකාරීත්වය පන්ති කාමරයට හෝ පාසලට පමණක් සීමා කර නොකරගත යුතු බවයි.


තරඟකාරීත්වයට සාර්ථකව මුහුණ දීමෙන් රට මෙන්ම ජාත්‍යන්තරයද ජයගැනීමට හැකිවනු ඇති බව ජනාධිපති වරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.



Post a Comment