ලාංකිකයින්ට ඉන්දීය ජාතික කෞතුකාගාරය අඩු මුදලට ඇරෙයි



ඉන්දීය ජාතික කෞතුකාගාරයට ඇතුළුවීම සඳහා අයකරනු ලබන මුදල ශ්‍රී ලාංකිකයින්ට අඩුකර ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

සාමාන්‍යයෙන් එම කෞතුකාගාරයට ඇතුළුවීමට එක් අයෙකුගෙන් රු.300 ක මුදලක් අයකරන බවත්, අප්‍රේල් මස 01 වන දින සිට ශ්‍රී ලාංකිකයින්ට එකී මුදල රු.10 දක්වා අඩුකර ඇති බවත් සඳහන්ය.


කපිලවස්තු පුර සර්වඥ ධාතුන් තැන්පත් කර ඇත්තේ මෙම ඉන්දීය ජාතික කෞතුකාගාරයේ බැවින් දඹදිව වන්දනාවේ යන ශ්‍රී ලාංකික බැතිමතුමන් බොහෝ දෙනෙකු එම කෞතුකාගාරයට යන බවත් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.


එබැවින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි අතර පැවති කතා බහකින් අනතුරුව ශ්‍රී ලාංකිකයින්ට අඩු මුදලකින් කෞතුකාගාරයට ඇතුළුවීමේ අවස්ථාව උදාකර දුන් බව එකී නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.



Post a Comment